Live 24

January 30, 2026
Partly cloudy, 26°C
January 30, 2026
Partly cloudy, 26°C
  • Home
  • Local
  • ජනපති අපේක්ෂකයින් ප්‍රචාරය වන ස්ටිකර් ඉවත් කෙරේ
Image

ජනපති අපේක්ෂකයින් ප්‍රචාරය වන ස්ටිකර් ඉවත් කෙරේ

ජනාධිපති අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන පරිදි ස්ටිකර් සහිතව ධාවනය වූ ත්‍රිරෝද රථ 10ක ස්ටිකර් ඉවත් කර තිබේ.

කොල්ලුපිටිය, බම්බලපිටිය ඇතුළු ප්‍රදේශ ආශ්‍රීතව ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී එම ත්‍රිරෝද රථ හදුනා ගත් බව පොලීසිය පැවසුවේ ය.

අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් සහිත පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා සෙසු පෞද්ගලික වාහන සොයා දිවයින පුරා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

හැකි සෑම අවස්ථාවකම හදිසි මාර්ග බාධක යොදා එවැනි වාහන හඳුනාගෙන ස්ටිකර් ඉවත් කිරීමට පියවර ගන්නැයි, දැනුම් දී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

ජනාධිපති අපේක්ෂකයින් ප්‍රවර්ධන ස්ටිකර් වහා ඉවත් කරන්නැයි, මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේය.

ඒ, විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

එවැනි කටයුතු 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ පනතේ 74 වැනි වගන්තිය අනුව වරදක් බව කොමිසම පෙන්වා දෙයි

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *