ජනපතිගේ චීන සංචාරයෙන් ඩො.බි. 3.7ක දැවැන්ත ආයෝජනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින්  හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු විය. 

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වු මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇත. එසේම ඉතා ඉක්මණින් මෙහි ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට හිමි වෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී විය.

මේ අතර ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිඳභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ආයෝජකයින්ට ආරාධනා කර තිබේ.

චීනයේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව අද (16) සංවිධානය කර තිබූ  “ආයෝජන සැසියේ”   ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

CNTY- China Tianying Inc, China Harbour Engineering Company Ltd,China Communications Construction Company Ltd,China Petrochemical Corporation -SINOPEC Group,Metallurgical Corporation of China Ltd,CCECC-China Civil Engineering Construction Corporation, China Energy International Group Company Ltd,The Guangzhou Public Transport Group,Huawei සහBYD Autoඇතුළු චීනයේ ප්‍රමුඛ සමාගම් රැසක් මෙම ආයෝජන සැසියට සහභාගී වී සිටියහ. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සමාගම් ප්‍රධානීන් සමඟ  සුහද පිළිසඳරකද නිරත විය.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect