Live 24

March 6, 2026
Partly cloudy, 27°C
March 6, 2026
Partly cloudy, 27°C
Image

ඡන්ද පෙට්ටි මාරු කරනවා කියලා කියන අය ගිහින් බෙහෙත් ගන්න

ඡන්ද ගණන් කිරීම අතරතුර මනාප ගණන් කිරීමේ අවස්ථාවක් එළඹුණහොත් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ වාතාවරණයක් තිබෙන බවට බොරු ප්‍රචාරයක් සමාජය තුළ හුවමාරු වන බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මෙම ප්‍රචාරය එක්තරා ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් සහ සහයක දේශපාලනඥයින් දෙදෙනෙක් විසින් සිදු කරන ලද කතාවක් ඔස්සේ සමජාගත කර ඇති බවත් ඇතැම් මාධ්‍යවේදීන්ද මෙවැනි ප්‍රචාර පතුරුවීමට මුල් වී ඇති බවත් මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී සඳහන් කළා.

ඔහු තවදුරටත් පවසා සිටියේ එවැනි ක්‍රියා සිදු නොවන ආකාරයට කටයුතු කිරීමට පොලිස් දෙපාර්තුමේන්තුව සමත් වනු ඇති බවයි.

පොලීසිය ඒ සඳහා මනා ලෙස සූදානම්ව ඇති බවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක්, මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති, පරිපාලන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති, විශේෂ කාර්‍ය භාර නියෝජ්‍ය පොලිස්පති, සෙසු පොලිස්පතිවරු ඇතුළු සෑම නිලධාරියෙකුගේ සිටම ආධුනික පොලිස් කොස්තාපල්වරු දක්වා ඡන්දය නිසි ආකාරව පැවැත්වීමේ වගකීම මැනවින් ඉටු කරනු ඇති බවත්, මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී සඳහන් කර සිටියා.

පොලීසිය ඡන්ද පෙට්ටිය සලකන්නේ පූජා භාණ්ඩයක් ලෙස බවත්  පොලීසිය එය උතුම් රාජකාරියක් ලෙස සලක බවත් ඒ අනුව, කිසිදු අයථා සිදුවීමක් සඳහා පොලීසිය කටයුතු නොකරන බවත් මහින්ද දේශප්‍රිය මහතා තවදුරටත් අවධාරණය කළා.

එමෙන්ම, ඡන්ද පෙට්ටි මාරු කළ හැකි බවට මිත්‍යා ප්‍රචාර පතුරුවන පිරිස් ප්‍රතිකාර ගත යුතු බවත් ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය සහ ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය තුළ ක්‍රියා කිසිසේත්ම සිදු නොවන බවත් ඔහු මෙහිදී පවසා සිටියා.  

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026
1 Comments Text
  • bahçelievler elektrikçi says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    bahçelievler elektrikçi SEO çalışmaları sayesinde web sitemizin trafiği katlandı. https://www.royalelektrik.com/
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *