Live 24

Monday
March 10, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
March 10, 2025
Image

ඡන්ද පෙට්ටි මාරු කරනවා කියලා කියන අය ගිහින් බෙහෙත් ගන්න

ඡන්ද ගණන් කිරීම අතරතුර මනාප ගණන් කිරීමේ අවස්ථාවක් එළඹුණහොත් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ වාතාවරණයක් තිබෙන බවට බොරු ප්‍රචාරයක් සමාජය තුළ හුවමාරු වන බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මෙම ප්‍රචාරය එක්තරා ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් සහ සහයක දේශපාලනඥයින් දෙදෙනෙක් විසින් සිදු කරන ලද කතාවක් ඔස්සේ සමජාගත කර ඇති බවත් ඇතැම් මාධ්‍යවේදීන්ද මෙවැනි ප්‍රචාර පතුරුවීමට මුල් වී ඇති බවත් මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී සඳහන් කළා.

ඔහු තවදුරටත් පවසා සිටියේ එවැනි ක්‍රියා සිදු නොවන ආකාරයට කටයුතු කිරීමට පොලිස් දෙපාර්තුමේන්තුව සමත් වනු ඇති බවයි.

පොලීසිය ඒ සඳහා මනා ලෙස සූදානම්ව ඇති බවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක්, මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති, පරිපාලන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති, විශේෂ කාර්‍ය භාර නියෝජ්‍ය පොලිස්පති, සෙසු පොලිස්පතිවරු ඇතුළු සෑම නිලධාරියෙකුගේ සිටම ආධුනික පොලිස් කොස්තාපල්වරු දක්වා ඡන්දය නිසි ආකාරව පැවැත්වීමේ වගකීම මැනවින් ඉටු කරනු ඇති බවත්, මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී සඳහන් කර සිටියා.

පොලීසිය ඡන්ද පෙට්ටිය සලකන්නේ පූජා භාණ්ඩයක් ලෙස බවත්  පොලීසිය එය උතුම් රාජකාරියක් ලෙස සලක බවත් ඒ අනුව, කිසිදු අයථා සිදුවීමක් සඳහා පොලීසිය කටයුතු නොකරන බවත් මහින්ද දේශප්‍රිය මහතා තවදුරටත් අවධාරණය කළා.

එමෙන්ම, ඡන්ද පෙට්ටි මාරු කළ හැකි බවට මිත්‍යා ප්‍රචාර පතුරුවන පිරිස් ප්‍රතිකාර ගත යුතු බවත් ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය සහ ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය තුළ ක්‍රියා කිසිසේත්ම සිදු නොවන බවත් ඔහු මෙහිදී පවසා සිටියා.  

Releated News

ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ සම-තරගකරුවෙකු කිරීම රජයේ අපේක්ෂාවයි

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම-තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව,  අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර…

Feb 21, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල බැටරි විදුලි ව්‍යාපෘතිය ආරම්භ වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල  ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලංකා…

Feb 21, 2025
පාස්පෝර්ට් ගන්න එන අයට විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක්…

Feb 21, 2025
පාතාල ක්‍රියා ගැන මහජන ආරක්ෂක ඇමතිගේ විශේෂ ප්‍රකාශය

රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී…

Feb 21, 2025
1 Comments Text
  • bahçelievler elektrikçi says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    bahçelievler elektrikçi SEO çalışmaları sayesinde web sitemizin trafiği katlandı. https://www.royalelektrik.com/
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *