Live 24

March 11, 2026
🌦️Slight rain showers, 27°C
March 11, 2026
🌦️Slight rain showers, 27°C
  • Home
  • Local
  • චීනේ එක්ක ගිවිසුම් 7කට අනුමැතිය
Image

චීනේ එක්ක ගිවිසුම් 7කට අනුමැතිය

මහජන චීන සමුහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් හතක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ චීනය සමුහ ආණ්ඩුවේ ආයතන අතර පහත සඳහන් ගිවිසුම්වලට අත්සන් තබන බව රජය සඳහන් කළා.

01.සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන වින සමුහාණ්ඩුවේ ජාතික ගුවන් විදුලි සහ රූපවාහිනි පරිපාලනය අතර අවබෝධනා ගිවිසුම

02.සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ විනයේ ෂින්හුවා පුවත් නියෝ සිතායතනය (Xinhua News Agency) අතර අවබෝධතා ගිවිසුම

03.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ විනයේ සින්හුවා පුවක් නියෝජිතායතනය (Xinhua News Agency) අතර සහයෝගිතා ගිවිසුම

04.ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සහ චීන මාධ්‍ය සමුහ (China Media Group) අතර අවබෝධතා ගිවිසුම

05.ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ වින මාධ්‍ය සමුහය (China Media Group) අතර අවබෝධතා ගිවිසුම

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වී තිබුණා.

මේ අතර, චීන මාධ්‍ය සමුහය (China Media Group) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

රජය සඳහන් කළේ, දෙපාර්ශවය අතර ඇති කරගනු ලබන සහයෝගීතාව මත එන මාධ්‍ය සමුහයේ අති නවීන තාක්ෂණය සහ විශේෂඥ දැනුම උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව චීන සංචාරකයින් සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ අරමුණින් මෙම අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන බවයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

එමෙන් ම, චීන වෙළෙඳපොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබුණා.

චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවෙන් කුකුල් මස් චීනයට අපනයනය කිරීම නිශ්චිත ක්‍රියාපටිපාටියක් අනුව සිදු කිරීම සඳහා දෙරට අතර අදාළ ක්‍රියාපටිපාටිය සම්බන්ධව පරීක්ෂා කිරීම, නිරෝධායනය හා සෞඛ්‍ය අවශ්‍යතා ඇතුළත්ව සකස් කරනු ලබන ගිවිසුමට අත්සන් තබන බව රජය පවසනවා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ඇත.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *