Live 24

January 28, 2026
☀️Clear sky, 27°C
January 28, 2026
☀️Clear sky, 27°C
  • Home
  • News
  • චාමර සම්පත්ට එරෙහිව අධිචෝදනා
Image

චාමර සම්පත්ට එරෙහිව අධිචෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී  චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව දූෂණ චෝදනා යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද (23) අධිකරණයට දැනුම් දුන්නා.

 මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අද කැඳවනු ලැබූ අතර, එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුත්ත අවසන් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පියවර ගනු ලැබුවා.

මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, මහාධිකරණය මගින් නොතීසි නිකුත් කළ පසුව මන්ත්‍රීවරයාට එහි පෙනී සිටින ලෙසයි.

චාමර සම්පත් මහතාට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනු කර ඇත්තේ ඔහුගේ අමාත්‍ය ධුර කාලසීමාව තුළ සිදු වූ බව කියන දූෂණ සිදුවීමකට අදාළවයි.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *