Live 24

February 21, 2026
🌦️Slight rain showers, 27°C
February 21, 2026
🌦️Slight rain showers, 27°C
  • Home
  • Crime/police
  • චමුදිත පදිංචි නිවාස සංකීර්ණය අසලට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක්
Image

චමුදිත පදිංචි නිවාස සංකීර්ණය අසලට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක්

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචිව සිටින පිළියන්දල වෑවල කේම්බ්‍රීජ් කෝට් නිවාස සංකීර්ණයේ පිවිසුමේ ප්‍රධාන දොරටුව අසලට පෙරේදා (20) රාත්‍රී පැමිණ ඇතුළු වීමට උත්සාහ දැරූ නාඳුනන පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය මගින් සොයා බැලීමක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය

එම පුද්ගලයන් දෙදෙනා ප්‍රධාන දොරටුව අසලට පැමිණි අවස්ථාවේදී ඔවුන් කාගේ නිවසට යන්නේ දැයි විමසීමේදී නිසි පිළිතුරක් ලබාදීමට එම පුද්ගලයන් දෙදෙනා අපොහොසත් වී ඇති අතර අනතුරුව පැමිණි පුද්ගලයෙකු සතුව තිබූ ජංගම දුරකථනයෙන් ආරක්ෂක නිලධාරියාගේ ඡායාරූප ලබාගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය

නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ සිටින බවට ආරක්ෂක නිලධාරියා විසින් එම නිවාස සංකීර්ණයේ පදිංචි මීට පෙර නාඳුනන පුද්ගලයන්ගේ විවිධ තර්ජන වලට ලක් වූ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාශය මගින් ගිනි අවි සහිතව ලබා දුන් පොලිස් නිලධාරීන් දෙදෙනා වෙත දුරකථනයෙන් දැනුම් දී ඇති අතර ඔවුන් එම ස්ථානයට පැමිණෙන විට එම පුද්ගලයන් දෙදෙනා පිටව ගොස් තිබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය

මීට වසර දෙකකට පමණ ඉහතදී ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර මේ දක්වා කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ගෙන නොතිබුණි

පෙරේදා (20) රාත්‍රී වූ සිද්ධිය සම්බන්ධයෙන් චමුදිත සමර වික්‍රම මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ හා පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහත්වරුන් දුරකථනයෙන් දැනුම්වත් කර තිබිණි

Releated News

පොලිස් ලොක්කෝ හයක මාරු

පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම නියෝග ලබා දී ඇතැයි පොලිස්…

Jan 30, 2026
අනූෂ පැල්පිට අත්අඩංගුවට

හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට…

Jan 23, 2026
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන…

Jun 14, 2025
ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි..

ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි…

Oct 7, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *