Live 24

March 10, 2026
🌤️Mainly clear, 27°C
March 10, 2026
🌤️Mainly clear, 27°C
  • Home
  • Crime/police
  • ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි..
Image

ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි..

ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි අවි යළි භාර දෙන්නැයි, ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් වැසියන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතොරම් තාවකාලිකව රජය වෙත භාර ගැනීම මේ වනවිට සිදුවන බවයි.

ඒ අනුව, අදාළ ගිනි අවි සහ පතොරොම් නොවැම්බර් 7 වැනිදාට පෙර රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත භාර දෙන්නැයි ගිනි අවි භාරකරුවන්ට දැනුම්දී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, පුද්ගලයින් 1500 දෙනෙකු වෙනුවෙන් ගිනි අවි 1690 ක්, ගෙවුණු කාලය තුළ නිකුත් කර ඇති බවයි.

මින් ඉදිරියට බුද්ධි අංශ වාර්තා මත පදනම්ව පමණක් ගිනි අවි නිකුත් කිරීමට පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ ය. 

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026
1 Comments Text
  • uaeunemploymentinsurance says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I do trust all the ideas youve presented in your post They are really convincing and will definitely work Nonetheless the posts are too short for newbies May just you please lengthen them a bit from next time Thank you for the post
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *