කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 775කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල රු. 4,765කි.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 308කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රු. 1,910ක් වේ.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 140කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රුපියල් 890කි.
මේ අතර අප්‍රේල් මාසය සඳහා ඇනවුම් කර ඇති මෙට්‍රික් ටොන් 38,000ක තොග මේ වනවිට, සම්පූර්ණයෙන්ම මාලදිවයිනේ පාවෙන ගබඩාවේ (Floating Storage) ඇති බවත්, ඒ හේතුවෙන් මෙම මාසයේදී ද දිවයින පුරා අඛණ්ඩ සැපයුමක් ලබා දිය හැකි බව එම සමාගම පවසයි.
ඊට අමතරව මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් දකුණු අප්‍රිකාව හරහා මාලදිවයින වෙත ළඟා වෙමින් පවතින බවත් එම නිවේදනයේ දැක්වේ.
