Live 24

January 28, 2026
Partly cloudy, 29°C
January 28, 2026
Partly cloudy, 29°C
Image

ගාල්ලට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක්

ගාල්ල දෙවට ප්‍රදේශයේ  බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයක් ඉදිකිරීම පිළිබඳ යෝජනාවක් ප්‍රවාහන ,මහා මාර්ග ,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් පසුගිය සම්බන්ධීකරණ කමිටුවට යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් සම්බන්ධීකරණ  කමිටු ගරු සභාපති නලින් හේවගේ මහතා පැවසුවේ මේ පිළිබඳ සැලසුම් සකස් කර බලයලත් ආයතන වෙත ඉදිරිපත් කරන ලෙසයි. 

යෝජිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මගීන්ගේ පොදු ප්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් ආරක්ෂිත ,වේගවත් ,සුවපහසු සහ පරිසර හිතකාමී අයුරින් ඉදි කෙරෙනවා.

මෙහිදී සැපයෙන සේවාවන් අතර  අන්තර් පළාත් පළාත් දුම්රිය සේවා ,අවසන් ගමනාන්ත සේවා,park & ride,waiting area, ප්‍රවාහන තොරතුරු, ආරක්ෂාව, offload parking , සනීපාරක්ෂාව, ආපනශාලා, බැංකු ඇතුළු  සේවා පද්ධතියක් වශයෙන් ඉදි කිරීමට යෝජිතයි.

ගාල්ලට අමතරව රාගම ,ගම්පහ ,කුරුණෑගල  ,කොළඹ කොටුව,දඹුල්ල ,අවිස්සාවේල්ල හා මොරටුව යන ප්‍රදේශවල මෙබදු බහුවිධ ප්‍රවාහන මධ්‍යාස්ථාන ඉදිකිරීමට මෙහිදී සැලසුම් කර තිබෙනවා.

කටුගොඩ දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩම් වෙන් කර ගැනීමට   අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.

 පොදු ප්‍රවාහනය නංවාලීම , නාගරික  ගමන් කාලය අවම කිරීම, කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීම ,තිරසාර ප්‍රවාහන විසඳුම්, බහුමාධ්‍ය ඒකාබද්ධතාවය යනාදිය මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂිතයි.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *