Live 24

March 10, 2026
🌤️Mainly clear, 28°C
March 10, 2026
🌤️Mainly clear, 28°C
Image

ගාල්ලට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක්

ගාල්ල දෙවට ප්‍රදේශයේ  බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයක් ඉදිකිරීම පිළිබඳ යෝජනාවක් ප්‍රවාහන ,මහා මාර්ග ,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් පසුගිය සම්බන්ධීකරණ කමිටුවට යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් සම්බන්ධීකරණ  කමිටු ගරු සභාපති නලින් හේවගේ මහතා පැවසුවේ මේ පිළිබඳ සැලසුම් සකස් කර බලයලත් ආයතන වෙත ඉදිරිපත් කරන ලෙසයි. 

යෝජිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මගීන්ගේ පොදු ප්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් ආරක්ෂිත ,වේගවත් ,සුවපහසු සහ පරිසර හිතකාමී අයුරින් ඉදි කෙරෙනවා.

මෙහිදී සැපයෙන සේවාවන් අතර  අන්තර් පළාත් පළාත් දුම්රිය සේවා ,අවසන් ගමනාන්ත සේවා,park & ride,waiting area, ප්‍රවාහන තොරතුරු, ආරක්ෂාව, offload parking , සනීපාරක්ෂාව, ආපනශාලා, බැංකු ඇතුළු  සේවා පද්ධතියක් වශයෙන් ඉදි කිරීමට යෝජිතයි.

ගාල්ලට අමතරව රාගම ,ගම්පහ ,කුරුණෑගල  ,කොළඹ කොටුව,දඹුල්ල ,අවිස්සාවේල්ල හා මොරටුව යන ප්‍රදේශවල මෙබදු බහුවිධ ප්‍රවාහන මධ්‍යාස්ථාන ඉදිකිරීමට මෙහිදී සැලසුම් කර තිබෙනවා.

කටුගොඩ දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩම් වෙන් කර ගැනීමට   අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.

 පොදු ප්‍රවාහනය නංවාලීම , නාගරික  ගමන් කාලය අවම කිරීම, කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීම ,තිරසාර ප්‍රවාහන විසඳුම්, බහුමාධ්‍ය ඒකාබද්ධතාවය යනාදිය මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂිතයි.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *