Live 24

March 10, 2026
☀️Clear sky, 28°C
March 10, 2026
☀️Clear sky, 28°C
Image

කොළඹ වරාය නගරයට දැවැන්ත ආයෝජන හතරක්.

කොළඹ වරාය නගරය සදහා දැවැන්ත ආයෝජන හතරක් ඒමට නියමිත බව වාර්තා වේ.

අනුව, එකී ආයෝජන රැගෙන එන සමාගම් සදහා අවශ්‍ය බදු සහන ලබා දීමට රජය මේ වන විටත් පියවර ගෙන තිබේ.

මෙම ආයෝජන හතර අතරෙන් දැවැන්තම ආයෝජන යව්නේ ක්ලෝත්ස්පින් සමාගම විසින් සිදු කිරීමට නියමිත ඩොලර් මිලියන 540 ක ආයෝජනයයි.

ලන්ඩනයේ බිග් බෙන් ඔරලෝසුව පරදන ආකාරයේ දැවැන්ත ඔරලෝසු කුළුනක්ද සමඟ ද්විත්ව කුළුණු සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් වරාය නගරය තුළ ඉදි කිරීමට ක්ලෝත්ස්පින් සමාගම අපේක්ෂා කරයි.

සමාගම, දැවැන්ත ඔරලෝසු කුළුණ, එය, ගිනස් ලෝක වාර්තා පොතට එක් කිරීමේ අදහසින් නිර්මාණය කිරීමට නියමිත බව පැවසේ. ඊට අමතරව, තරු හතේ හෝටලයක් ඉදිකිරීමද මෙම ව්‍යාපෘතියට අයත් ය. ද්විත්ව කුළුණු ගොඩනැගිල්ලේ එක් කුළුණක් කලාගාරයක් බවට පත් කිරීමට ක්ලෝත්ස්පින් සමාගම අපේක්ෂා කරන බවද පැවසේ.

ක්ලෝත්ස්පින් සමාගමට අමතරව තවත් සමාගම් තුනක් වරාය නගරය තුළ ආයෝජනය කිරීම සදහා බදු සහන ලබා තිබේ.

ඉන් එක් සමාගමක් වන ICC Port City (Pvt) Ltd සමාගම, මහල් නිවාස සංකීර්ණයක් සහ සුඛෝපභෝගී තනි නිවාස ඒකක පහක් ඉදිකිරීමට අපේක්ෂා කරයි.

චයිනා හාබර් ඉන්ජිනීයරින් සමාගමට අනුයුක්ත IFC Colombo 1 (Pvt) Ltd නමැති සමාගම, නිවාස සංකීර්ණයක් සහ වෙළද සංකීර්ණයක් ඉදිරි කිරීමට අපේක්ෂිත අතර, ඔවුන් ගෙන එන ආයෝජනය ඩොලර් මිලියන 143 කි.

එල්.ඕ.එල්.සී සහ බ්‍රවුන්ස් යන සමාගම් හා සම්බන්ධ සිලෝන් රියල් එස්ටේට් හෝල්ඩින්ග්ස් නමැති සමාගම ඩොලර් මිලියන 411 ක ආයෝජනයක් වරාන නගරයට ගෙන ඒමට නියමිත ය

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *