Live 24

February 17, 2026
☁️Overcast, 27°C
February 17, 2026
☁️Overcast, 27°C
  • Home
  • Crime/police
  • කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ හිටපු නඩු භාණ්ඩ භාර­කරු දින 7ක් රඳවා ප්‍රශ්න කරන්න අව­සර
Image

කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ හිටපු නඩු භාණ්ඩ භාර­කරු දින 7ක් රඳවා ප්‍රශ්න කරන්න අව­සර

කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ කාම­රයේ ගබඩා කර තිබූ රුපි­යල් කෝටි 24ක් වටිනා හෙරො­යින් කිලෝ 12ක් අතු­රු­දන් කර සාවද්‍ය පරි­හ­ර­ණය කළැයි කියන සිද්ධි­යට අදා­ළව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අත්අ­ඩං­ගු­වට ගත් එම අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ භාර­කරු ලබන 04 වැනිදා දක්වා රඳවා තබා­ගෙන ප්‍ර‍ශ්න කිරී­මට කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම දෙපා­ර්ත­මේ­න්තු­වට ඊයේ (30) අව­සර ලබා දුන්නේය.

මෙලෙස රැඳ­වුම් නියෝග මත රඳවා තබා­ගෙන ප්‍ර‍ශ්න කිරී­මට අව­සර ලබා­දුන්නේ අංක 40/බී, වැඩ­මුල්ල කල්එ­ළිය ලිපි­නයේ පදිංචි මොහො­මඩ් නියාස් මොහො­මද් නදීබ් නමැති කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ ගබ­ඩාවේ හිටපු භාර­ක­රුය.

කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ කාම­රයේ තිබූ හෙරො­යින් ග්‍රෑම් 940යි මිලි­ග්‍රෑම් 321 බැගින් හෙරො­යින් අඩංගු පාර්සල් දෙකක් අතු­රු­දන් කිරීම, ඒ සඳහා කූට ලේඛන සකස් කර විශ්වා­සය කඩ කිරීම යන චෝදනා දෙක සම්බ­න්ධ­යෙන් මෙම සැක­ක­රුට වරද පහදා දී අත්අ­ඩං­ගු­වට ගත් බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මෙම සැක­කරු මෙවැනි ආකා­ර­යේම නඩු භාණ්ඩ අස්ථා­න­ගත කිරීමේ සිද්ධි­ය­කට අදා­ළව කොළඹ අප­රාධ කොට්ඨා­ස­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන වස­ර­කට ආසන්න කාල­යක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිට ඇප මත මුදා­හැර ඇති සැක­ක­රු­වෙක් බවද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් දීර්ඝ ලෙසින් සැක­ක­රු­ගෙන් ප්‍ර‍ශ්න කිරී­මට අවශ්‍ය බැවින් දින හතක කාල­යක් තම දෙපා­ර්ත­මේ­න්තුවේ රඳවා තබා­ගෙන ප්‍රශ්න කිරී­මට අව­සර ලබා දෙන ලෙසට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීය.

ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය සැක­කරු ලබන 04 වැනිදා තෙක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ රඳවා තබා­ගෙන ප්‍ර‍ශ්න කිරී­මට අව­සර ලබා දෙමින් එදින තෙක් නඩුව කල් තැබීය.

Releated News

පොලිස් ලොක්කෝ හයක මාරු

පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම නියෝග ලබා දී ඇතැයි පොලිස්…

Jan 30, 2026
අනූෂ පැල්පිට අත්අඩංගුවට

හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට…

Jan 23, 2026
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන…

Jun 14, 2025
ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි..

ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි…

Oct 7, 2024
1 Comments Text
  • businesstrick says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Thank you for the auspicious writeup It in fact was a amusement account it Look advanced to far added agreeable from you However how can we communicate
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *