Live 24

February 2, 2026
Partly cloudy, 26°C
February 2, 2026
Partly cloudy, 26°C
  • Home
  • Local
  • කොළඹ ප්‍රධාන ප්‍රවාහන මර්මස්ථාන නවීකරණය වෙන්නේ කොහොම ද?
Image

කොළඹ ප්‍රධාන ප්‍රවාහන මර්මස්ථාන නවීකරණය වෙන්නේ කොහොම ද?

ශ්‍රී ලංකාවේ ගමනාගමනය සඳහා වැඩිම මගීන් පිරිසක් පැමිණෙන නගර අතුරින් කොළඹ නගරය ප්‍රධාන තැනක් ගනියි.

අන්තර් පළාත් බස් රථ සේවා සහ දුම්රිය සේවාවන් රැසක් ආරම්භ වන්නේ කොළඹ නගරයෙන් වීම එයට හේතුවකි.

ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම සඳහා කොළඹ නගරයට පැමිණෙන බහුතරයකගේ ගමන් ආරම්භ වන ප්‍රධාන ස්ථාන දෙකක් වන්නේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සහ මරදාන දුම්රිය ස්ථානය වේ.

දශක කිහිපයකටත් පෙර ඉදිකර ඇති මෙම බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානයේ පහසුකම් පැවතියේ අවම මට්ටමකින් ය.

ඒ අනුව මෙම ස්ථාන දෙක ම අද දිනයේ [සැප්තැම්බර් 15] සිට නවීකරණය කිරීම ආරම්භ කිරීම ආරම්භ කරනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන් ය.

නව කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොළඹින් ධාවනය ආරම්භ වන බස් රථ සියල්ල ගමන් ආරම්භ කරන ස්ථානය වන අතර, එම ස්ථානය ගමනාගමනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වුවත් අවම පහසුකම් සහ අවම පිරිසිදු කමක් සහිත ස්ථානයක් බවට පත්ව තිබිණි.

පැමිණෙන මගීන් ප්‍රමාණයට සාපේක්ෂව බස් නැවතුම්පොළේ පහසුකම් අවම මට්ටමක පැවතියේ ය.

එමෙන් ම එහි පොදු වැසිකිළි පද්ධතිය ද පැවතියේ සෞඛ්‍යාරක්ෂිත බවින් අවම මට්ටමක ය.

රාත්‍රියේ ගමන් අරඹන අන්තර් පළාත් බස් රථ සේවාවලින් ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට පැමිණෙන බොහෝ මගීන්ට එහි අවශ්‍ය පහසුකම් නොතිබුණි.

මෙම මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිකර වසර 60කට පසු ආරම්භ වන නවීකරණ කටයුතු මාස 08ක කාලයක් දක්වා සිදු කෙරෙන අතර එය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මැදිහත්වීමෙන් සිදු වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු ශ්‍රම දායකත්වය සහ කොළඹ මහ නගර සභාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ අනෙකුත් ආයතනවල දායකත්වයෙන් සහ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, ජාතික විද්වත් සංසදය (NIO Engineering) ඇතුළු සංවිධානද ස්වේඡාවෙන්ම මේ සඳහා එක්ව සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනයක දැක් වේ.

මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 425කි.

මෙය “Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව සිදු කරන්නකි.

මෙම කාලය තුළ බස් නැවතුම්පොළ වසා ඇති බැවින් ලංගම බස් සේවා බෝධිරාජ මාවතෙන් ආරම්භ වීමට නියමිත ය.

සිහින ගමනාන්තය’ ව්‍යාපෘතියෙන් අලුත් වන මරදාන

කොළඹ නගරයේ පවතින තවත් ප්‍රධාන දුම්රිය ස්ථානයක් වන මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කිරීමට නියමිතය.

එය නවීකරණය සිදු කරන්නේ රටපුරා දුම්රිය ස්ථාන 100ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් වන ‘සිහින ගමනාන්තය’ ව්‍යාපෘතියේ පළමු පියවර ලෙසට ය.

එහි පැරණි ඉදිකිරීම්වලට හානියක් නොවන ලෙස මෙම නවීකරණ කටයුතු සිදු කිරීමට නියමිත ය.

‘2029 වෙනකොට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 50ක් ඉදි කරනවා’

ලබන වසරේ අප්‍රේල් මාසය වන විට කොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ වැඩකටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මෙම ව්‍යපෘතියේ සමාරම්භක උත්සවයේදී පැවසුවේ ය.

“එයාෆෝස් එක හදලා තිබුණ ප්ලෑන් එකේ තිබුණේ මාර්තුවල ඉවර කරන්න. නමුත් දැන් අපි මාසයක් පස්සට ගිහිල්ලා තියෙනවා.. එතකොට හරියට ම අවුරුද්ද හරියනවා,” ඔහු පැවසුවේ ය.

“අපේ වැඩ කරන මිනිස්සුන්ගේ ජීවිතේ ගත්තොත් අපි වැඩි වෙලාවක් ඉන්නේ කාර්යාලේ හෝ බස්වල. ඒ නිසා බස්ටෑන්ඩ් එකක් කියන තැන මිනිස්සු හමුවෙන, යාලුවෙන තැනක් විය යුතුයි.”

එමෙන් ම ඉදිකිරීම් අවසන් වූ පසුව බස් නැවතුම්පොළ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව පාලනය කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.

මෙම නවීකරණයේදී බස් නැවතුම්පොළ හරහා ගුවන්තොටුපොළ තොරතුරු සහ දුම්රිය තොරතුරු ද එක ස්ථානයකින් ලබා ගැනීමේ පහසුකම ද සැලසීමට බලාපොරොත්තු වන බව පවසමින් ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ මගීන්ගේ ගමන් මළු ආරක්ෂිතව තබා යාමට හැකි පහසුකම් ද එයින් සැපයීමට බලාපොරොත්තු වන බව ය.

“අපි ලබන අවුරුද්දේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 15ක් ඉදිකරන්න පටන් ගන්නවා. ලබා අවුරුද්දෙම අවසන් කරන්න බැරි වෙයි. ඒ වගේ ම අපේ සැලැස්ම තියෙනවා 2029 වන විට අඩුම ගානේ ලංකාවේ එවැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 50කටවත් යන්න,” අමාත්‍යවරයා උත්සවය අමතමින් වැඩිදුරටත් පැවසුවේ ය.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026
1 Comments Text
  • 23betcasinologin says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    23betcasinologin… Logged in smoothly, good start! The casino games are pretty standard, but the login experience was hassle-free. Quick and easy is always a win in my book. Try it out for yourself using 23betcasinologin.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *