කොළඹ-නුවර සහ
කොළඹ ගාල්ල අතර ධාවනයට
විදුලි බස් රථ 100 ක්.
පාසල් පන්සියයකට
ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.
පාසල් නිල ඇදුම් සදහා අවශ්‍ය රෙදි
මීටර් ලක්ෂ 150 ක්.
චීනය පරිත්‍යාග කරයි.
විදුලියෙන් ධාවනය වන බස් රථ සියයක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරන බව මෙරට චීන තානාපතිවරයා පවසා තිබේ.
මෙම බස් රථ කොළඹ-මහනුවර සහ කොළඹ-ගාල්ල අතර ධාවනය වනු ඇත.
මීට අමතරව, අධ්‍යාපනය ගුණාත්මකව ඉහළ නැංවීම සදහා, පාසල් පන්සියයකට ස්මාර්ට් පන්ති කාමර නමසියයක් මේ වසර තුළ ඉදිකර දෙන බව ද තානාපතිවරයා පවසයි.
පාසල් දරුවන්ට නොමිලයේ නිල ඇදුම් බෙදා දීමේ වැඩ සටහන සමග සම්බන්ධ වී සිටින චීන රජය, මේ වසරේදීත් ඒ සදහා රෙදි මීටර් මිලියන 14 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.









