Live 24

January 29, 2026
☀️Clear sky, 27°C
January 29, 2026
☀️Clear sky, 27°C
  • Home
  • News
  • කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර
Image

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

වසරකට මිලියන 700ක් ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂාව සඳහා වියදම් කර තිබු බවත් එලෙස ආරක්ෂාවට සිටි පොලීසිය, හමුදාව, STF දහස් ගණනක් අයින් කළ බවත් අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

“අපි නොවැම්බර් මාසේ 21 වනදා දිවුරුම් දුන්නා කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු 21යි. රාජ්‍ය ඇමතිවරු කියලා කෑලි නැහැ. ඉස්සර අමාත්‍යධුර ඇඟේ හැප්පෙනවා මේ කළුතර. අපිට කළුතර මන්ත්‍රීවරු 8යි, ඇමතිධුර 1යි. රටක් හදන්න ඕනකම තියෙන්නේ මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද දීලා නෙවෙයි. ඉස්සර හැදුවේ එහෙම නෙවෙයි, සතුටු කරන්න. අන්න එහෙම ආණ්ඩුවක් හදන්නේ අපි විතරයි වෙන කවුරුත් හදන්නෙත් නෑ.වෙනදා අමාත්‍ය ධුර බෙදන්නේ කොහොමද? මේ අමාත්‍ය ධුර ඥාති වර්ගයාට බෙදාගත්තේ. වෙනදා අමාත්‍යවරුන්ගේ කාර්යමණ්ඩලයට බඳවා ගත්තේ කවුද? බිරිඳ පුද්ගලික ලේකම්තුමිය. මට මතකයි කතානායක මහින්ද යාපා එතුමාගේ කාර්යමණ්ඩලය මහින්ද යාපා යායක්. ඔක්කොම වෙනස් කරලා තියෙන්නේ. අද කිසිදු අමාත්‍යවරයෙක් පස්සේ වාහනත් නැහැ, පොලිස් රථත් නැහැ. ආණ්ඩුවේ අයට විතරක් නෙමෙයි විපක්ෂයට දෙන්නෙත් නෑ. මොකද පොලීසියට 21,000ක් මදි. ඒ මහත්වරු බොහොම අමාරුවෙන් වැඩ කරන්නේ.”

“සමහරු නාවික හමුදාවේ නිලධාරීන් පාවිච්චි කළා නෝනගේ හැට්ටේ කටු ගහන්න. එහෙම රටක් වෙනස් කළේ අපි. ජනාධිපතිවරයෙකුට ආරක්ෂාව සඳහා වසරකට මිලියන 700ක් වියදම් කළා. පොලීසිය, හමුදාව, STF දහස් ගණනක්. ඔක්කොම අයින් කළා, හැටයි. තව කෙඳිරි ගෑවොත් හැටත් අයින් කරනවා. හැට තියාගෙන ඉන්න මහත්තයෝ කෙඳිරි ගෑවොත් වෙන දේ කියන්නම්. අපි කිසිදු අමාත්‍යවරයෙකුට ආණ්ඩුවේ ගෙවල් දෙන්නේ නැහැ . හිටපු ජනපතිවරුන්ට ගෙවල් දෙන්නෙත් නැහැ. මම දැන්මම ලියුමක් දෙනවා මට නම් ගෙයක් එපා කියලා. හැබැයි අනිත් අය නම් දෙන්නේ නැහැ.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *