කුරුණෑගල හිටපු නගරාධිපතිට වසර 7කට ඡන්දය තහනම්

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට එල්ල වී තිබෙන චෝදනා කීපයක් සැලකිල්ලට ගෙන ඔහුට 2024 වසරේ සිට 2032 වසර දක්වා වසර 7ක කාලයක් කිසිදු මැතිවරණයකදී ඡන්දය භාවිත කිරීම අහෝසි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

‘දිවයින’ වාර්තා කළේ, කුරුණෑගල ව්‍යාපාරිකයකු වන ප්‍රියංකර ලියනගේ මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් හරේන්ද්‍ර බණ්ඩාර රත්නායක මහතා මෙම නියමයන් දැනුම්දී ඇති බවයි.

වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා විසින් පත්කරන ලද ඒකපුද්ගල කොමිසමකින් වැරැදිකරුවකු බවට පත්කර කුරුණෑගල නගරාධිපති තනතුරෙන් නෙරපා හැරීම සහ කුරුණෑගල ඓතිහාසික බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීමේ චෝදනාවට තුෂාර සංජීව විතාරණ මහතා අධිකරණය හමුවේ වැරැදිකරුවකු වී ඇති බවට ප්‍රියංකර ලියනගේ මහතා මැතිවරණ කොමිසමට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

එම පැමිණිල්ල සැලකිල්ලට ගනිමින්  නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලබාදී ඇති එම නියමයන්ට අනුව තුෂාර සංජීව විතාරණ මහතා ඡන්ද හිමියකු වශයෙන් ලියාපදිංචි කිරීමට හෝ ලියාපදිංචි කරන ලද ඔහුගේ නම තවදුරටත් ඡන්දහිමි නාම ලේඛනයේ තබා ගැනීමට හෝ නුසුදුසු පුද්ගලයකු වන බව මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ,  1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ 2 වැනි වගන්තිය සමඟ කියැවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) ව්‍යවස්ථාව අනුවයි.

එසේම 2032 වසර දක්වාම අඛණ්ඩව ඡන්දහිමි නාම ලේඛනයේ මොහුගේ නම සඳහන් කළ නොහැකි බව ද නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලබාදී ඇති මෙම නියමයන්ට අනුව තුෂාර සංජීව විතාරණ මහතාගේ සියලු ප්‍රජා අයිතිවාසිකම් වසර 7ක කාලයකට අත්හිටුවා ඇති බව වැඩිදුරටත් සඳහන්.

 කුරුණෑගල ඉපැරැණි රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීමේ චෝදනාව යටතේ හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනකුට කුරුණෑගල මහාධිකරණය මඟින් නියම කරන ලද තුන් අවුරුදු බරපතළ වැඩ සහිත සිර දඬුවම අභියාචනාධිකරණය මඟින් අවුරුද්දකින් ගෙවී යන ලෙස අත්හිටුවීමෙන් අනතුරුව ඔවුන් සිර දඬුවමෙන් මුදාහරිනු ලැබුවා.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect