Live 24

March 11, 2026
🌤️Mainly clear, 28°C
March 11, 2026
🌤️Mainly clear, 28°C
  • Home
  • උණුසුම් පුවත්
  • ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භක උත්සවයේ වියදම ලක්ෂ 70යි – බොරුයි කිව්වොත් පාර්ලිමේන්තුවෙන් අයින් වෙනවා
Image

ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භක උත්සවයේ වියදම ලක්ෂ 70යි – බොරුයි කිව්වොත් පාර්ලිමේන්තුවෙන් අයින් වෙනවා

ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහනේ ආරම්භක උත්සවයේ ගීත ගායනය සඳහා ලක්ෂ 02ක්, ගීත නිර්මාණය කිරීම සඳහා ලක්ෂ 08ක්, උත්සවයට ගෙන්වා ඉන්දවූ නිරූපිකාවන් සඳහා 15000 බැගින්, වෙබ් අඩවියට ලක්ෂ 21, ලෙස ඇතුළත් බවත්, සංග්‍රහ ඇතුළු සියලුම වියදම් රුපියල් ලක්ෂ 70ක් බවත්, නමුත් එම ලක්ෂ 70ක චෙක් පත ජනාධිපති කාර්යාලයෙන් ලියා ගන්නට නොහැකි තැනට මාලිමා ආණ්ඩුව පත් වී ඇති බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පැවසුවේය.

මේ කතාව බොරුවක් නම් තමන් පාර්ලිමේන්තුවෙන් ඉවත්වන බවත් මෙම ගෙවීම් සම්බන්ධ සියලුම දත්ත ඉදිරියේ දී සභාගත කරන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු පැවසුවේ නිසි ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකර කළ මෙම වියදම ජනාධිපති කාර්යාලයේ ගණකාධිකාරීවරයා විසින් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවය.

වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා

“වැඩසටහනට අපි කකුලෙන් අදින්නේ නෑ. අද චෙක් එක ලියා ගන්න බෑ. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ජනාධිපති කාර්යාලයේ තිබුණ වැඩසටහනේ ගායකයා වික්‍රමසිංහට…. ජගත් වික්‍රමසිංහට ලක්ෂ දෙකයි. ගීතය හදන්න ලක්ෂ 08යි… වෙබ් සයිට් එකට ලක්ෂ 21යි… ඒ විදිට ලක්ෂ 70ක් වියදම් කරලා තියනවා උත්සවයට.”

“ඒ ලක්ෂ හැත්තෑව වියදම් කලේ නිසි ටෙන්ඩර් පටිපාටි අනුගමනයය කරන්නෙ නැතිව. පුලුවන්නම් කියන්න ජනාධිපති ලේකම් කාර්යාලයෙන්… ඉදිරිපත් කරන්න පුලුවන්නම්. මම දැන් අයින් වෙනවා පාර්ලිමේන්තුවෙන්. ලක්ෂ 70ක චෙක් එක එකවුන්ට් බ්‍රාන්ච් එකෙන් ලියන්නෙ නෑ.”

“ඊලඟට මොඩලර්ස්ලා ගෙනත් තියනවා රුපියල් පහළොස් දාහ ගානේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ වාඩි කරවන්න. පුලුවන්නම් නෑ කියන්න. උත්සවයේ වියදම ලක්ෂ 70යි. තාම ලියාගන්න බෑ ඔයගොල්ලන්ට. වියදම් කරපු චෙක් එක තවම ලියා ගන්න බෑ. මොකද කියලා තියෙන්නේ. ”

“නිසි ක්‍රමවේදය අනුගමනය නොකර වියදම්, සංග්‍රහ වියදම් ඇ.තුළු මුළු වියදම ලක්ෂ 70ක්. ඔයගොල්ලන්ට ලක්ෂ හැත්තෑව ගෙවන්න වෙන්නේ පැලවත්තේ තියන අරමුදලින් තමයි. එකවුන්ටන් ලියන්නේ නෑ ජනාධිපති කාර්යාලයේ චෙක් එක. ඉතින් පටන් ගන්නකොටම වැඩේ ෆේල්.ඔයාලා ටෙන්ඩර් පටිපාටියක්වත් දන්නේ නෑ.”

“ඒ වගේම ව්‍යවස්ථාපිත අරමුදල් පිහිටුවන්න බෑ. ජනාධිපති කාර්යාලයෙන් ව්‍යවස්ථාපිත අරමුදලක් පිහිටුවන්න බෑ. පිහිටුවනවා නම් ඕගොල්ල පාර්ලිමේන්තුවට ගේන්න. ජනාධිපති ක්ලීන් ශ්‍රී ලංකා අරමුදල පිහිටුවනවා නම් ඔයගොල්ල පාර්ලිමේන්තුවට ගේන්න. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතින් නවත්තල තියෙන්නේ ව්‍යවස්ථාපිත අරමුදල් පිහිටුවීම.”

“මේ සැරේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් හරහා තමයි අරමුදල පිහිටුවලා තියෙන්නේ.ඔයාලට බැරිවුනා ජනාධිපති කාර්යාලය හරහා ක්ලීන් ශ්‍රි ලංකා අරමුදල පිහිටු වන්න. වෙන කවුරුවත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට උදව් කරලා නෑ. අපට මඩ ගහන්න එපා.”

මේ අවස්ථාවේ දී නැගී සිටි සභානායක බිමල් රත්නායක එම එක් එක් ගාකයන්ට නිරූපිකාවන්ට වෙබ් අඩවියට ගෙවූ මුදල සම්බන්ධ ලේඛන ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේය. මන්ත්‍රීවරයා කීවේ එම තොරතුරු සභාගත කරන බවය.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *