Live 24

February 17, 2026
🌧️Moderate rain, 25°C
February 17, 2026
🌧️Moderate rain, 25°C
  • Home
  • Sinhala
  • කටුනායක දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවයි
Image

කටුනායක දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවයි

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ, ජපන් ණය ආධාර මත එම පර්යන්තය ඉදි කෙරෙන බවයි.

2019 වසරේ මෙම පර්යන්තය ඉදිකිරීමට සැලසුම් කර තිබුණ ද ආර්ථික අර්බුදයත් සමග එම කටයුතු අඩාල වුණා.

ලේකම්වරයා ප්‍රකාශ කළේ, නව මගී පර්යන්තයෙන් වාර්ෂිකව මිලියන 9 කට පහසුකම් සැලසිය හැකි බවයි.

කටුනායක ගුවන්තොටුපොළ පළමු මගී පර්යන්තයෙන් මේ වනවිට වාර්ෂිකව මිලියන ‍6 කට පහසුකම් සලසනවා.

කටුනායක ගුවන්තොටුපොළේ දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීමත් සමග වාර්ෂිකව මිලියන 15 ක පිරිසකට පහසුකම් සැලසීමට හැකි වන බව ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසුවා.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *