Live 24

November 4, 2025
🌦️Slight rain showers, 29°C
November 4, 2025
🌦️Slight rain showers, 29°C
  • Home
  • Politics
  • ඕනෑ ම වෙලාවට ඕනෑ ම මැතිවරණයකට අපි සූදානම් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Image

ඕනෑ ම වෙලාවට ඕනෑ ම මැතිවරණයකට අපි සූදානම් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සමගි ජන බලවේගය පොදුජනතාව සමඟ සිටිනා බැවින් මැතිවරණ තියන වේලාව වැදගත් නොවන බවත් ඕනෑ ම මැතිවරණයකට ඕනෑ ම අවස්ථාවකට සූදානම් බවත් සමගි ජන බලවේගය හැරදා කිසිම අයකු එක්සත් ජාතික පක්ෂයකට එකතු නොවන බවත් ජනාධිපතිවරයාට එය හීනයක් බවත් ජනාධිපතිවරයාවත් වෙන කවුරුන් හෝ කුමන කතා කිව්වත් ලක්ෂ 220 ඉලක්ක කර ගෙන සමගි ජන බලවේගය සිය සේවාවන් සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහනුවර දී මල්වතු අස්ගිරි මහනාහිමිවරු හමු වී සමගි ජන බලවේගය විසින් ඉටු කළ සේවාවන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව ය.*

එසේ ම ජනාධිපතිවරයා ජූලි 2 පාර්ලිමේන්තුව කැඳවා ඇත්තේ රටම අන්දවීමට රැවටීමට සහ බොරුව මුසාව මුලාව රජකරවීමට බවත් සමගි ජන බලවේගය අයිඑම්එෆ් එකත් එක්ක වැඩ කරන බවත් එහි දී ඇති කර ගන්නා ගිවිසුම ජනතා කේන්ද්‍රීය ප්‍රජාවට අහිතකර නොවන මානුෂීයවාදී ප්‍රගතිශීලී ගිවිසුමක් බවත් එය සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරන ගිවිසුමක් නොව ජනතාව ජයග්‍රහණය කරවන ගිවිසුමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම රටත් බංකොලොත් වූ මොහොතක සුළුතරයක් දෙනා බංකොලොත් අදහස් දරණ බවත් සක්වල, හුස්ම වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ විවෘතභාවය, වගවිම හා වගකීම උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක කරමින් බවත් නොහැකියාවක් සහිත කයිය ගහන කණ්ඩායම්වලට මේ වැඩසටහන් විවේචනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මල්වතු අස්ගිරි මහනාහිමිවරු හමු වූ අතර එහි දී සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම, සක්වල සුහුරු පන්ති කාමර සහ සක්වල බස් රථ වැඩසටහන් සම්බන්ධයෙන් දැනුවත් කරන ලදී. එසේ ම මෙහි දී සසුනට අරුණ වැඩසටහන යටතේ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගෙන සිදු කරන ලද ශාසනික සේවාව සම්බන්ධයෙන් ද මල්වතු අස්ගිරි මහනාහිමිවරු දැනුවත් කරන ලදී. මෙම වැඩසටහන් සම්බන්ධ සියලු අයවැය වාර්තා සහ සවිස්තර තොරතුරු සහිත ලේඛනයක් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ පරිශීලනය උදෙසා ලබා දෙන ලදී.

Releated News

බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්

ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා…

Sep 23, 2025
අයවැය සඳහා වාහන ආනයනකරුවන්ගෙන් යෝජනා කිහිපයක්

ඔටෝ මොබයිල් සහ විද්‍යුත් උපකරණ කර්මාන්ත සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය…

Sep 17, 2025
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෙ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සංවාදය ඉදිරියට ගත යුතු බව ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතා පවසනවා.…

Sep 17, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *