Live 24

February 13, 2026
☁️Overcast, 29°C
February 13, 2026
☁️Overcast, 29°C
  • Home
  • Crime/police
  • උද්දිකගේ වෙඩි තබා ගැනීමේ නාට්ටියේ සහාය නළු ASP අල්ලන්න පොලිසිය උසාවි යන්න ලෑස්ති වෙයි! 
Image

උද්දිකගේ වෙඩි තබා ගැනීමේ නාට්ටියේ සහාය නළු ASP අල්ලන්න පොලිසිය උසාවි යන්න ලෑස්ති වෙයි! 

පොදු ජන පෙරමුණේ අනුරාධපුර  දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්  චෝදනා ලබා  සිටින සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතා අත්අඩංගුවට ගැනීම සඳහා  අධිකරණ නියෝගයක් ලබාගැනීමට පොලිසිය කටයුතු කරගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසෙයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කටයුතු කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන්  කළ විමසුමකදී ඔහු පැවසුවේ  එම සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු අලුත් මුහුණුවරකින් ආරම්භ කර ඇති බවයි.

මන්ත්‍රීවරයා  සහකාර පොලිස් අධිකාරීවරයා සමඟ එක්ව සැලසුම් සහගතව එම වෙඩි ප්‍රහාරය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා ඊයේ (13)  ප්‍රකාශ කළේය.

Releated News

පොලිස් ලොක්කෝ හයක මාරු

පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම නියෝග ලබා දී ඇතැයි පොලිස්…

Jan 30, 2026
අනූෂ පැල්පිට අත්අඩංගුවට

හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට…

Jan 23, 2026
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන…

Jun 14, 2025
ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි..

ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි…

Oct 7, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *