Live 24

February 18, 2026
☁️Overcast, 28°C
February 18, 2026
☁️Overcast, 28°C
Image

ඊ ටිකට් මාෆියාවට ත්‍රීරෝද රථ රියදුරෙක් අත්අඩංගුවට

මහනුවර සිට ඇල්ල දක්වා දිවෙන ඔඩිසි දුම්රියේ රුපියල් 4000ක් වටිනා දුම්රිය ඊ ටිකට්පත් දෙකක් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට රුපියල් 28,000කට අලෙවි කළ බව කියන ත්‍රීරෝද රථ රියදුරෙකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයට ලද තොරතුරකට අනුව මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් අද (26) පෙරවරුවේ ඇල්ල ඔඩිසි දුම්රියට ඇතුළු වූ විශේෂ පොලිස් කණ්ඩායමක් අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, එම කාන්තාවන් දෙදෙනා එහිදී ප්‍රකාශ කොට ඇත්තේ මෙම දුම්රිය ඊ ටිකට් පත් දෙක අතරමැදියකු මාර්ගයෙන් රුපියල් 28,000ක මුදලකට ලබාගත් බවයි.

පොලිසිය විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රියදුරෙකු විසින් මෙම ඊ ටිකට්පත් දෙක බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනාට අලෙවි කිරීම සඳහා ත්‍රීරෝද රථ රියදුරුට ලබා දී ඇති බවයි.

ඒ ආකාරයට අලෙවි කරන එක් දුම්රිය ටිකට් පතකින් රුපියල් 5000ක මුදලක් ත්‍රිරෝද රථ රියදුරුට ලැබෙන බවටද ත්‍රිරෝද රථ රියදුරු පොලිසියට ප්‍රකාශ ලබා දී තිබෙනවා.

ඔහු කලක් තිස්සේ මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවටද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතයි.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *