ඉස්සර කරපු හොරකම් දැන් නවත්තන්න – දයාසිරි

පසුගිය කාලයේ ප්‍රාදේශීය සභාපතිවරුන් අත්තනෝමතික වැඩ කළ බවත්, වංචා සහගතව ක්‍රියා කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඒවා සිදු නොකරන ලෙසට තම සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව බලය පිහිටවූ පළාත් පාලන ආයතන කිහිපයක නියෝජිතයන් පිරිසක් අමතමින් මන්ත්‍රීවරයා උපදෙස් ලබා දී තිබුණා.

ඔහු එහිදී පක්ෂවල හෝ පුද්ගලයන්ගේ නම් සඳහන් නොකරමින් කියා සිටියේ පෙර සිටි පළාත් සභාවල සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් අත්තනෝමතික ලෙස කටයුතු කළ බවයි.

නමුත් අත්තනෝමතිකව වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට වංචා දූෂණයට හේතු වූ බව දයාසිරි ජයසේකර මහතා එහිදී පෙන්වාදෙනවා.

ජනතාව ඒවා දැනගත් බවත්, එම නිසා 3%ක්ව තිබුණු ජාතික ජන බලවේගය ආණ්ඩුව බවට පත් වූ බවත්   එම ඉතිහාසය අවසන් කරන ලෙස ඔහු එම නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියා.

ඒ පිළිබඳව දයාසිරි ජයසේකර වැඩිදුරටත් දැක්වූ අදහස් :

‘පහුගිය කාල වකවානුවල විවිධ දේශපාලන පක්ෂ, මම නම් කියන්නේ නැහැ. සභාපතිවරු අත්තනෝමතික ලෙස, මම 1997 ප්‍රාදේශීය සභාවට ආපු කෙනෙක්. මම මන්ත්‍රී කෙනෙකු ලෙස අවුරුදු හතරක් හිටියා. ඒ සභාපතිවරුන් අත්තනෝමතික ලෙස වැඩ කිරීමේ ප්‍රතිඵලය දූෂණයට හේතු වුණා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කොන්ත්‍රාත් කරන්න දීම තමයි ඊළඟට කරපු වැරැද්ද. ඒකෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හම්බ කරන්න පටන් ගත්තා. මිනිස්සු දැක්කා ලක්ෂ පහෙන් පාර දෙන එක, ලක්ෂ තුනෙන් අවසන් කරලා ලක්ෂ දෙකක් සාක්කුවේ දාගත්තා. ඒවා මිනිස්සු දැක්ක හින්දා තමයි සීයට තුනක් තිබිච්ච ජාතික ජන බලවේගය නැත්නම් ජේවීපී එක මෙතැනට ගෙනාවේ. අපි ඉගෙනගන්න ඕනෑ පාඩම තමයි ඒ ඉතිහාසය කරුණාකරලා අවසන් කරන්න. මන්ත්‍රීවරුන් කොන්ත්‍රාත් කරන එක නවත්තමු. අපි නිවැරදිව ගමේ මිනිස්සුත් එක්ක එකතුවෙලා වැඩ කරමු. සභාපතිවරයා විතරක් නෙවෙයි හැම මන්ත්‍රීවරයෙක්ම කොටස්කරුවෙක් බවට පත් කරගමු.

පළාත් පාලන මැතිවරණය පටන්ගන්නකොට මමත්, අජිත් පෙරේරා මැතිතුමාත්, නිසාම් කාරියප්පර් මැතිතුමාත් කිව්වා පළාත් පාලන මැතිවරණය තියන්න කලින් මේකේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එක කොට්ඨාශයක අපේක්ෂකතුමෙක් ඡන්දය අතරතුර මැරුණොත්, එයාගෙ නම ආවොත් එයාට ඡන්දය දෙන්න පුළුවන්. එතකොට ඒ කොට්ඨාශයට මන්ත්‍රීවරයෙක් නැතිව යනවා. මේ ක්‍රමය හදනකොට 2015 දී රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා අනුර දිසානායක මැතිතුමා ඉල්ලුවා කියලා සාමාන්‍යයෙන් සීයට පහයි ගන්න ඕනෑ ප්‍රාදේශීය සභාවකට මන්ත්‍රීවරයෙක් ලෙස එන්න. අනුර දිසානායක මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ඉල්ලීමක් කළා සීයට පහ අයින් කරන්න කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා ඔන්න ඕන දීලා දාන්න කියලා. දැන් මොකද වෙලා වුණේ. මේ ආණ්ඩුවට අද වෙලා තියෙන්නේ ඔන්න ඕක තමයි. අපි ඒක කිව්වා දිනන්න ඕනෑ නම් මේ ටික හදන්න. කළේ නෑ. සීයට පහ එහෙමම තිබ්බා. එතකොට එන්නේ සුන්බුන් තමයි. ඡන්ද අටසීය නවසීයෙනුත් මන්ත්‍රී කෙනෙක් එනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න පුළුවන්. ආණ්ඩුවට පහර වදින්න හේතුව වුණේ ඒක. කියන එක ඇහුවේ නැහැ. පණ්ඩිතකම වැඩියි ඔක්කොටම වැඩිය”

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect