ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම අයත් ‘බයිට් ඩාන්ස්’ නම් සමාගම විසින් එම තහනමට එරෙහිව ගොනු කර තිබු අභියාචනය එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි.

චීන නිෂ්පාදනයක් වන ටික්ටොක් යෙදවුම හරහා චීනය අමෙරිකාවේ තොරතුරු වෙත පිවිසෙන බවත්, එය අමෙරිකාවට තර්ජනයක් බවටත් ජාතික ආරක්ෂක බලධාරීන් චෝදනා කර තිබුණා.

ඒ අනුව පසුගිය වසරේ එම යෙදවුම අමෙරිකානුවෙකු වෙත අලෙවි කරන ලෙස.ටික්ටොක් අයත් බයිට් ඩාන්ස් සමාගමට නියෝග කෙරුණා.

එසේ නොකළහොත් ජනවාරි 19 වැනිදා සිට එම යෙදවුම අමෙරිකාව තුළ තහනම් වනු ඇති බවට දැනුම් දී තිබුණා.

කෙසේවෙතත්, බයිට් ඩාන්ස් සමාගම ටික් ටොක් යෙදවුම සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගැනීමට පියවර ගෙන තිබුණේ නැහැ.

ඒ අනුව,  එම සමාගම එම නියෝගයට එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය පූර්ව තීන්දුව තහවුරු කර තිබෙනවා.

මේ අතර, අමෙරිකාවේ තේරීපත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ටික්ටොක් යෙදවුම පිළිබඳ තීරණය තමා ඉදිරියේදී දැනුම් දෙන අතර තමාට ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය බවයි.

කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට සියලු දෙනා අවනත යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ටික් ටොක් වෙත තහනමක් පැනවුණත් එය ක්‍රියාත්මක වෙන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් සිදු කර නොමැති අතර ධවල මන්දිරය නිවේදනය කර ඇත්තේ, මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම ට්‍රම්ප් පාලනයට භාරවනු ඇති බවයි.

මිලියන ගණනක් වන අමෙරිකානු ටික්ටොක් පරිශීලකයන්, නිර්මාණකරුවන් මෙන්ම ටික් ටොක් භාවිතයෙන් ව්‍යාපාරවල නිරතවන පිරිස්  මෙම නියෝගය පිළිබඳ සිය කනස්සල්ල පළ කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect