Live 24

November 22, 2025
☁️Overcast, 27°C
November 22, 2025
☁️Overcast, 27°C
  • Home
  • Politics
  • ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්
Image

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

විදෙස් වාර්තා තහවුරු කළේ, එරට හමුදා කඳවුරු සහ  ගුවන්තොටුපොළ ඉලක්ක කරමින් මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි.

ජෙරුසලමේ පිපිරීමක් කිහිපයක් සිදුව ඇති බවත්, ඊශ්‍රායල අගනුවර වන ටෙල් අවිව්හි අහස උසට කළු දුමාරයක් නැඟී ඇති බවත් විදෙස් වාර්තාවන්හි දැක්වේ.

මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් 40කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවත්, ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ.

ටෙල් අවිව් නගරයට නැගෙනහිරින් පිහිටි රාමත් ගාන් නගරයට එල්ල වූ ඉරාන මිසයිලයකින් එහි ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, ඊශ්‍රායල ආරක්ෂක අංශ එහි සිටින තුවාලකරුවන් සොයමින් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුකරමින් සිටියි.

ඉරානය විසින් මෙම ප්‍රහාරය දියත්කිරීමට පෙර ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අල් කමෙනි සපථ කරමින් කියා සිටියේ, ඊශ්‍රායලය තමන්ට එල්ල කළ රාත්‍රී ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස දැඩි පහරවල් එල්ල කරන බවයි.

එමෙන්ම මෙම ප්‍රහාර මාලාවෙන් පසු ඉරාන වැසියන්ද විථි බැස සිය සතුට සමරන අයුරුදු විදෙස් වාර්තාවන්හි දැක්වේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ඊයේ (13) ඉරාන අගනුවර වන ටෙහරාන හා නටාන්ස් න්‍යෂ්ටික භූමිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන හමුදා ප්‍රධානීන් තිදෙනෙකු, විද්‍යාඥයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.

එමෙන්ම තවත් 300කට අධික පිරිසක් තුවාල ලැබූහ.

Releated News

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග…

Oct 22, 2025
බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
මුණුබුරා සමඟ ගල්තලාවක නිදන් හෑරූ හිටපු මන්ත්‍රීනිය අත්අඩංගුවට

මුණුබුරා  සමඟ එක්ව නිවෙස පිටුපස ඓතිහාසික බවක් ඇති බවට සැක කෙරෙන ගල්තලාවක නිදන් හාරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන…

Sep 23, 2025
4 Comments Text
  • Jerrold Berge says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Rolex Eta
  • Sebastian Shields says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Rolex Eta
  • Howell Grady says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Swiss Eta
  • Doris Hoppe says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Rolex Eta
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *