ඉන්දියාවේ නවදිල්ල නුවර පැවැත්වෙන AI IMPACT 2026 සමුළුවට එක්ව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පස්වරුවේ රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු හමුවී ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක, AI IMPACT 2026 සමුළුවට සහභාගිවී සිටින ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සමග ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වූයේ අද පස්වරුවෙයි.
සමුළුවට එක්ව සිටින භූතානයේ අගමැති ට්ෂෙරින් ටොබ්ගේ සමගද ජනාධිපතිවරයා අද පස්වරුවේ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත විය.
අබුඩාබියේ ඔටුන්න හිමිකරු වන ශෙයික් කාලෙඩ් බින් මොහොමඩ් බින් සායෙඩ් අලි නාහියා සමගද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද්විපාර්ශවික සාකච්ඡාවක් සිදුකර ඇත.













