Live 24

March 6, 2026
Partly cloudy, 27°C
March 6, 2026
Partly cloudy, 27°C
  • Home
  • Local
  • ඉදිරි දින කිහිපයේ සිදුවන කුමන්ත්‍රණයක් ගැන අනුර හෙළිකරයි
Image

ඉදිරි දින කිහිපයේ සිදුවන කුමන්ත්‍රණයක් ගැන අනුර හෙළිකරයි

ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි කුමන්ත්‍රණයක් පිළිබඳ ජාතික ජන බලවේගයේ, ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක හෙළිදරව්වක් සිදුකර තිබේ.

ඒ ඊයේ (16) ‘ටීවි දෙරණ’ ඔස්සේ විකාශය වූ 360 විශේෂ වැඩසටහනට එක්වෙමිනි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

“නිශ්චිතවම මේ මැතිවරණ ව්‍යාපාරයේ අපේ අරමුණ වුණේ බලය ලබාගැනීම. ජයග්‍රහණය කිරීමට හැකියාව තිබෙනවා. ඉදිරිදින දෙකේ දී අලුත් දෙයක් නෑ. නැවත නැවත අපේ කරුණු ඉදිරිපත් කිරීමත්, ඒ වගේම ආණ්ඩුව සහ සජිත්ගේ කඳවුර පැත්තෙන් අපට එල්ල කරන අවදාල සහ විය හැකි කුමන්ත්‍රණයන් ගැන සමාජයට කරුණු ඉදිරිපත් කිරීම තමා අපේ අපේක්ෂාව. ඔබ දකින්න ඇති අපේ රටේ බොහෝ අවස්ථාවල මැතිවරණ ක්‍රියාවලිය මෙලෙස පැවතුණත් අනපේක්ෂිත සිදුවීම් සිදුවෙනවා. ඒ නිසා පුරවැසියන් තුළ අනුමානයන් තිබෙනවා. සජබ මන්ත්‍රීවරයෙක් අවස්ථා දෙකක දී ප්‍රකාශ කළා කලබලයක් ඇති වීමේ අනතුරක් පිළිබඳව. ඒ වලේම අපි දැක්කා ජයවර්ධනපුර විශ්විවිද්‍යාලයේ සිදුවීමක් වාර්තා වෙනවා. ඒ නිසා යම් කුමන්ත්‍රණකාරී ලෙස ගැටුම්කාරී තත්ත්වයක් සමාජයේ නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් ඔවුන් තුළ තිබිය හැකියි. ඒක හෙළිදරව් කිරීමත් එවැනි කිසිදු ගැටුමකට කුමන ආකාරයකින්වත් අපේ සාමාජිකයින් සම්බන්ධ නොවෙන්නත් ඒ වගේම ගැටුමක් ඇති වෙනවා නම් පොලීසිය හා ත්‍රිවිධ හමුදාවන් ඔවුන්ට පැවරී තිබෙන බලතල තුළ එවැනි දෙයක් ව්‍යාප්ත වීම වැළැක්වීම යන ඉල්ලීම තමා අපේ පැත්තෙන් තියෙන්නේ.”

ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් තුළ විදුලි ගාස්තු තවදුරටත් අඩුකිරීමට කටයුතු කරන බව ද අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජනරැලියකදී අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026
1 Comments Text
  • situs togel says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Great Article bro, situs toto daftar sekarang
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *