Live 24

January 28, 2026
🌤️Mainly clear, 30°C
January 28, 2026
🌤️Mainly clear, 30°C
  • Home
  • News
  • ඉතිහාස ගත වූ ව්‍යවසායකයා
Image

ඉතිහාස ගත වූ ව්‍යවසායකයා

1946 වසරේ ජූනි 14 වැනිදා නිව්යෝර්ක් හි උපත ලැබූ ට්‍රම්ප් ව්‍යාපාර ක්ෂේත්‍රය දිග්විජය කළ දක්ෂ ව්‍යවසායකයෙකි.

1987 දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ට්‍රම්ප් අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත්වන්නේ 2016දී.

2020 ජනාධිපතිවරණයෙන් ලද අමිහිරි පරාජයෙන් පසු ඔහුගේ ආධාරකරුවන් අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය ලෙස සැලකෙන වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලේ සිදුකළ කැරැල්ල සහ ගැටුම් අතරතුර හය දෙනෙකුට දිවි අහිමි වීම ට්‍රම්ප්ගේ දේශපාලන දිවියට එක්වූ විශාලම කළු පැල්ලමයි.

පරාජයෙන් පසු ට්‍රම්ප්ට එරෙහිව නඩු කිහිපයක්ම ගොනුකෙරුණු අතර, අපරාධ අධිචෝදනාවට ලක්වූ පළමු ජනාධිපතිවරයා ද ඔහු වේ.

එමෙන්ම මෙවර ජනාධිපතිවරණය සඳහා පෙන්සල්වේනියා හිදී පැවති ප්‍රචාරණ රැලියක් අතරතුර එල්ල වූ මාරක වෙඩි පහරින් ට්‍රම්ප් ජීවිතය ගලවාගත්තේ යන්තමිනි.

වසර 120කින් අනතුරුව පරාජිත ජනාධිපතිවරයෙක් නැවතත් අමෙරිකාවේ බලයට පැමිණි පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වේ.

මෙහිදී 2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ ඉතාමත් තීරණාත්මක ජනපද වන පෙන්සල්වේනියා, ජෝර්ජියා සහ උතුරු කැරොලයිනා ඇතුළු තවත් ජනපද රැසක ජයග්‍රහණය තමන් සතු කරගැනීමට ට්‍රම්ප් සමත්වුණේ ධවල මන්දිරය වෙත යන මාවත යළිත් විවෘත කරගනිමින්.

ඒ අනුව ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ප්‍රතිවාදී කමලා හැරිස් පරාජය කරමින්, අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා බවට පත්වන්නට රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්වුණි.   

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *