Live 24

November 2, 2025
☁️Overcast, 29°C
November 2, 2025
☁️Overcast, 29°C
  • Home
  • Politics
  • ආර්ථික කමිටුවක් හා වැඩපිළිවෙළක් නොමැති රතු අලි පැටව් ජනාධිපති අස්සේ හැංගිලා නාඩගම් නටනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Image

ආර්ථික කමිටුවක් හා වැඩපිළිවෙළක් නොමැති රතු අලි පැටව් ජනාධිපති අස්සේ හැංගිලා නාඩගම් නටනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අද රතු පාට විප්ලවවාදීන් රතු අලි මල්ලිලා බවට පත්ව ඇති බවත් මේ රතු අලි මල්ලිලා ජනාධිපති එක්ක ඩීල් දමා රජ⁣යේ නාලිකාවට විවාදයට එන්න කියනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආර්ථික කමිටු විවාදයට සමගි ජන බලවේගය ආරාධනා කළ විට ආර්ථික කමිටුවක් නොමැති ජනතා විමුක්ති පෙරමුණ ඉන් පළ ගොස් නායකත්ව විවාදයක් ගැන කයිවාරු ගහමින් යන බවත් ආර්ථික කණ්ඩයමේ විවාදය හා නායකයන්ගේ විවාද දෙකටම එකවර දින දෙකක් යොදා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රට බංකොලොත් වී ඇති මොහොතක රට ගොඩගත හැක්කේ කාටද කියා දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇති බවත් රට බංකොලොත් වී රටට ඩොලර් නැති වී ඇති මේ මොහොතේ කයිවාරු ගහන රතු අලි පැටවුන්ට ආර්ථික කණ්ඩායමක් හා වැඩපිළිවෙළක් පවා නොමැති බවත් එමනිසා ඔවුන් එම විවාදයට එන්නේ නැති වුවත් විවාද දෙකටම තමා සූදානම් බවත් ආර්ථික විවාදයෙන් පසු නායකත්ව විවාදයක සිදුකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හලාවත පැවැති දියඹ දිනන ජන රැල්ල – සමඟි ධිවර බලවේගයේ සමුළුව අමතමිනි.*

විවාද ගැන කියද්දි රතු අලි පැටවුන්ගේ නායකයා තමන්ගේ නායකයා වන ජනාධිපතිවරයා ළගට ගොස් ඇවිටිලි කර පසුගිය දා රාජ්‍ය නාලිකාවක නාඩගම් නැටු බවත් ඔවුන්ට ආර්ථික කණ්ඩායමක් නොමැති වීම ඔවුන්ගේ වරදක් බවත් ඔවුන්ට වැඩ බැරි වුනාට සමගි ජන බලවේගය විපක්ෂයේ සිට සුවිශාල වැඩ කොටසක් ඉටු කර ඇති බවත් එම නිසා තරගයට වැඩ කරන්න ඔනෑම අවස්ථාවක තමා සූදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

*රට වටේම මුහුද වුනාට අපි ඉන් ප්‍රයෝජන ගන්නේ නැහැ*

රට වටේටම මුහුද ඇති අපට වෙරළ තීරයේ සිට නාවුක සැතපුම් 200ක අයිතිය තිබුනත් ධීවර ක්ෂේත්‍රයෙන් දළ දේශීය නිෂ්පාදනය දායකත්වය ලැබෙන්නේ 1.1%ක් බවත් මෙය වෙනස් විය යුතු බවත් කරදිය මෙන්ම මිරිදිය ධීවර කර්මාන්තය නව තාක්ෂණය තුළින් සවිබල ගැන්වූ ධීවර කර්මාන්තයක් බවට පත් කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*ධීවරයන්ට සහනාධාරය දෙනවා*

භූමිතෙල් සහනාධාරය, ආම්පන්න හා නිෂ්පාදන සඳහා බදු සහන ලබා දීම, අවශ්‍ය උපකරණ නිෂ්පාදන කරන ආයතන බිහි කිරීම මෙන්ම එවාට රාජ්‍ය අනුගහනය ලබා දීම, ධීවර පවුල්වල කාන්තාවන් සවිබල ගන්වා සමස්ත ධීවරයන් සවිබල ගන්වන නව ජාතික ධීවර ප්‍රතිපත්තිය ඉදිරිපත් කරනා බවත් ඒ තුළ දූපත් දේශයක් ලෙස රට වටේම ඇති සයුරු සම්පත හා එහි මත්ස්‍ය සම්පත තිරසර සංවර්ධනයකට ලක් කරනා බවත් මේ රටේ ධීවර කර්මාන්තයේ නව පුනර්ජීවනයක් ඇති කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*සුහුරු අධ්‍යාපනය සේම සුහුරු ධීවරයෙක් බිහි කරනවා*

මුහුදු ඛාදනය, නිවාස ගැටලුව, ධීවර පවුල්වල ගැටලු ඇති මොහොතක ධීවර විශ්‍රාම වැටුපක ඉල්ලුමක් ඇති මොහොතක මේ ඉල්ලුමට සවන් දී ධීවර ප්‍රජාවගේ ජන ජීවිතය ශක්තිමත් කරන්නට කටයුතු කරනා බවත් සුහුරු අධ්‍යාපනය ප්‍රවර්ධනය කරනවා සේ ධීවර රැකියාවත් සුහුරු තාක්ෂණය අනුගත කරනා බවත් ලෝකයේ ධීවර කර්මාන්තය පවා සුහුරු වන මොහොතක අපට පැරණි ක්‍රමවේද යොදාගත නොහැකි නිසා නව තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කරනා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Releated News

බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්

ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා…

Sep 23, 2025
අයවැය සඳහා වාහන ආනයනකරුවන්ගෙන් යෝජනා කිහිපයක්

ඔටෝ මොබයිල් සහ විද්‍යුත් උපකරණ කර්මාන්ත සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය…

Sep 17, 2025
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෙ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සංවාදය ඉදිරියට ගත යුතු බව ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතා පවසනවා.…

Sep 17, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *