Live 24

December 12, 2025
🌤️Mainly clear, 28°C
December 12, 2025
🌤️Mainly clear, 28°C
  • Home
  • Local
  • ආර්ථිකයේ 4.9%ක වර්ධනයක්
Image

ආර්ථිකයේ 4.9%ක වර්ධනයක්

ශ්‍රී ලංකා ආර්ථිකය 2025 වර්ෂයේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය 4.9% ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තාවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

අඛණ්ඩව අටවන වරටත් වාර්තාවී ඇති මෙම ධනාත්මක ආර්ථික වර්ධනය මගින් කලින් පැවති ආර්ථික පසුබෑමේ අඛණ්ඩ ප්‍රකෘතිමත් වීම ඉස්මතු කරනු ඇති.

වාහන ආනයන සීමා ඉවත් කිරීමට සාපේක්ෂව අඩු මට්ටමක පැවති පොලී අනුපාත සමඟ සම්බන්ධ වෙමින්, වාහන අලුත්වැඩියාව ඇතුළත් තොග සහ සිල්ලර වෙළෙඳාම, ගබඩාකරණ කටයුතු ඇතුළත් භාණ්ඩ හා මගී ප්‍රවාහනය, මූල්‍ය සේවා කටයුතු, රක්ෂණ සේවා කටයුතු මෙන්ම භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු (සහනාධාර අඩුකළ) වැනි ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් හරහා ආර්ථිකය වර්ධනය කිරීමට සමත්ව තිබුණා.

තවදුරටත්, ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයට හුරුපුරුදු ආර්ථික කටයුතු වන ඉදිකිරීම්, පතල් හා කැණීම් 2025 දෙවන කාර්තුවේ දී ද සිත්ගන්නා සුළු ප්‍රසාරණයන් වාර්තා කර තිබෙනවා.

මෙම කාර්තුව තුළ ද නිමවුම් කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

Releated News

විපතට පත් ජනතාවගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යයි

අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද…

Nov 29, 2025
පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානක් දිවයිනට

පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානක් දිවයිනටදිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව…

Nov 29, 2025
ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග…

Oct 22, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *