Live 24

Monday
January 13, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
January 13, 2025
Image

ආපහු සිලින්ඩරයෙන් තරඟ කරන්නේ නැහැ – රෝහිත

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා සිලින්ඩරය ලකුණෙන් තරග නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම, වෙනත් දේශපාලන ධාරාවක් සමඟ සාකච්ඡා පැවැත්වීමට දින නියම කරගෙන ඇති බවත්, ඔවුන් සමග සාකච්ඡා කර මැතිවරණය පිළිබඳ තීරණයක් ගන්නා බවත්, ඔහු සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කලේ,

“අද විශේෂයෙන්ම අපේ කණ්ඩායම එකතු වෙලා එළඹෙන පළාත් පාලන මැතිවරණය ගැන සාකච්ඡා කරා. විශේෂයෙන්ම අපිට පේනවා රජය සිංහල අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය තියන්න ඕනේ කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඉතින් අපි ලෑස්ති වෙනවා කොහොමද ඒ පළාත් පාලන මැතිවරණයට තරඟ කරන්නේ කියලා.

සිලින්ඩරයෙන් තරඟ කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. තවත් මේ රටේ දේශපාලන ධාරාවක් ඉන්නවා. ඒ අයත් එක්ක සාකච්ඡාවක් පවත්වනවා. ඒවට දින නියම කරගෙන තියෙනවා. ඒ ගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා විශේෂයෙන්ම අපිට එකට හිතන්න පුළුවන්. ඒ වගේම මේ රටට ආදරය කරන ඒ සියලු දෙනා ඒකරාශි කරගත්තා වූ කඳවුරක අවශ්‍ය කරන වැඩ පිළිවෙල හදන්නයි ලෑස්ති වෙන්නේ.

ඕනම ආණ්ඩුවකට විරුද්ධව ඒ ආණ්ඩුව, ජනතාවට දුන්නු පොරොන්දු ටික ඉටු කරන්නේ නැත්නම් එතකොට වෙන්නේ විපක්ෂයක් ප්‍රබල වෙන්න ඕන ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කරන්න. නැත්නම් විපක්ෂයේ කොන්ද පණ නැත්නම් මුකුත් කරන්න බෑනේ. එතකොට ප්‍රබල විපක්ෂයක් එක්ක පළාත් පාලනයේ තරග කරලා ජයග්‍රහණය කරහම තමයි ආණ්ඩුව දැනගන්නේ ඔවුන්ට තියෙන්නේ ප්‍රසාදය ද අප්‍රසාදය ද කියලා. එකයි අපි ලෑස්ති වෙන්නේ.”

Releated News

ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භක උත්සවයේ වියදම ලක්ෂ 70යි – බොරුයි කිව්වොත් පාර්ලිමේන්තුවෙන් අයින් වෙනවා

ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහනේ ආරම්භක උත්සවයේ ගීත ගායනය සඳහා ලක්ෂ 02ක්, ගීත නිර්මාණය කිරීම සඳහා ලක්ෂ 08ක්, උත්සවයට…

Jan 10, 2025
‘වෝග්’ සඟරාව ලංකාවේ දකුණු වෙරළ තීරය ශීත ඍතුවේ උණුසුම්ම ගමනාන්තය ලෙස නම්කරයි

අන්තර්ජාතික ජීවන රටා පිළිබඳ තොරතුරු වාර්තා කරන සඟරාවක් වන ‘වෝග්’ (Vogue), ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙම ශීත…

Jan 10, 2025
අමෙරිකාව අසරණ කළ ගිනි කුණාටුව

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ඇති වූ ළැව් ගින්න මේ වනවිට හොලිවුඩ් කඳුකර ප්‍රදේශය දක්වා පැතිරී තිබෙන බව විදෙස්…

Jan 10, 2025
රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක්…

Jan 10, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *