Live 24

December 1, 2025
Partly cloudy, 28°C
December 1, 2025
Partly cloudy, 28°C
  • Home
  • උණුසුම් පුවත්
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය නොදැක්වුවොත් එදින රාත්‍රීයේම පාර්ලිමේන්තුව විසුරුවන්න සූදානමක්
Image

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය නොදැක්වුවොත් එදින රාත්‍රීයේම පාර්ලිමේන්තුව විසුරුවන්න සූදානමක්

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය නොදැක්වුව හොත් එදිනම රාත්‍රියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසනවා.

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමට නියමිත බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත කරගැනීම මේ කටයුත්තට ප්‍රවේශවී සිටින ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමට මේ වන විට අභියෝගයක් වී ඇති බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

නිර්මාණය වී ඇති අවිනිශ්චිතතාවය කළමනාකරණය කරගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙරෙහි අවධානය යොමු කිරීමට ජනාධිපතිවරයාට සිදුව ඇති බවද ඔහු සඳහන් කළා.

මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් පත්‍රය පිළියෙල කර අතේ තබාගෙන සිටින බවත් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය නොදැක්වුව හොත් එදින රාත්‍රීයේම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට තොරතුරු ලැබී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ වැඩිදුරටත් සඳහන් කළේ.

Releated News

විපතට පත් ජනතාවගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යයි

අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද…

Nov 29, 2025
පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානක් දිවයිනට

පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානක් දිවයිනටදිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව…

Nov 29, 2025
ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග…

Oct 22, 2025
2 Comments Text
  • youtube to mp3 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Its like you read my mind You appear to know a lot about this like you wrote the book in it or something I think that you could do with some pics to drive the message home a little bit but instead of that this is fantastic blog An excellent read I will certainly be back
  • 8171ehsaasnews says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Excellent blog here Also your website loads up very fast What web host are you using Can I get your affiliate link to your host I wish my web site loaded up as quickly as yours lol
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *