Live 24

December 1, 2025
Partly cloudy, 28°C
December 1, 2025
Partly cloudy, 28°C
  • Home
  • Politics
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුළු පිරිසකගේ දේපලක් වීමට ඉඩ නොදී පාසල් මට්ටමේ සිට ඉගැන්විය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Image

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුළු පිරිසකගේ දේපලක් වීමට ඉඩ නොදී පාසල් මට්ටමේ සිට ඉගැන්විය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ප්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, විධායකය, ව්‍යවස්ථාදායකය, ප්‍රතිපත්ති සම්පාදනය ගැන තීන්දු තීරණ ගන්නා ආකාරය ගැන දුවා දරුවන් දැනුවත් විය යුතු බවත් ඒ සඳහා සෑම පාසලක ම පුස්තකාලයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපතක් ලබා දිය යුතු බවත් එවිට කවුරුත් කියන දේ අහනවට වඩා ජනතාවට ම සත්‍ය දැනගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම පුරවැසි අධ්‍යාපනය තුළ දුදරුවන්ගේ අධ්‍යාපනය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාසලේ පුස්තකාලයට ලබා දීම සේම ඔවුන්ට අවබෝධය ලබා දිය යුතු බවත් සුළු පිරිසක් මෙය අර්ථකථනය කිරීමට ගියොත් අතිශය භයංකාර තත්ත්වයක් ඇති වන බවත් රටේ නීතිය ඔවුන්ට අවැසි ලෙස පරිහරණය කළ හැකි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා පෞද්ගලික පරිහරණයට ලක්විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කළුතර බණ්ඩාරගම මිල්ලනිය අගුරුවාතොට උඩුවර කණිෂ්ඨ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 380 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.*

අද වන විට විවිධ කණ්ඩායම් ව්‍යවස්ථා දායකය විධායකය ආදිය ගැන විවිධ කතා කියන බවත් එම නිසා පුරවැසියන්ට මේ ගැන නිසි දැනුමක් තිබිය යුතුු බවත් එසේ නොවුවහොත් රටේ තාවකාලික බාරකරුවන් වන පාලකයෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති කරුණු හා වගන්ති විවිධ ආකාරයට අර්ථ නිරූපණය කරන ඔවුන්ට අවැසි ලෙස අර්ථකථනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දැනුවත් නම් කාටවත් කවුරුන්වත් රැවටිය නොහැකි බවත් එවිට මූලික අයිතිවාසිකම් ගැන දැනුවත් විය හැකි බවත් සැබැ තත්ත්වය ජනතාවට දැන ගැනීමට හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

තවද සමගි ජන බලවේගය නිර්මාණය කරන සංවර්ධන සැලසුම් තුළ ජනතාව අනාථ නොකරන බවත් අනිවාර්යයෙන් ම ජීවනෝපායට හරි මගක් නිර්මාණය කරණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 63කට රුපියල් ලක්ෂ 1906ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 380ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4239ක් වැය කර තිබේ.*

Releated News

බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්

ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා…

Sep 23, 2025
අයවැය සඳහා වාහන ආනයනකරුවන්ගෙන් යෝජනා කිහිපයක්

ඔටෝ මොබයිල් සහ විද්‍යුත් උපකරණ කර්මාන්ත සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය…

Sep 17, 2025
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෙ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සංවාදය ඉදිරියට ගත යුතු බව ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතා පවසනවා.…

Sep 17, 2025
2 Comments Text
  • Lottery says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I was recommended this website by my cousin I am not sure whether this post is written by him as nobody else know such detailed about my trouble You are amazing Thanks
  • bigduffers says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Simply wish to say your article is as amazing The clearness in your post is just nice and i could assume youre an expert on this subject Well with your permission let me to grab your feed to keep updated with forthcoming post Thanks a million and please carry on the gratifying work
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *