Live 24

November 1, 2025
Partly cloudy, 28°C
November 1, 2025
Partly cloudy, 28°C
  • Home
  • Local
  • ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
Image

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියෝග කළේ ය.

ඒ , විද්‍යුත් වීසා ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමට රජය ගෙන තිබූ තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය අගෝස්තු දෙවැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගය  අනුව කටයුතු නොකිරීම හේතුවෙනි.  

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ හා අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් අද මෙම නියෝගය කළේ ය.

අධිකරණය විසින් පැවැති විද්‍යුත් වීසා ක්‍රමය බල රහිත කරමින් පැරණි වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය යටතේ වීසා නිකුත් කරන ලෙසට ආගමන විගමන පාලක ජනරාල්වරයාට අතුරු තහනම් නියෝග නිකුත් කර තිබිණි.

මාසයකට අධික කාලයක් ගත වී තිබුණ ද මේ දක්වා අධිකරණ නියෝග අනුව කටයුතු කිරීම ආගමන විගමන පාලක ජනරාල්වරයා චේතාන්විතව හිතාමතා පැහැර හැර ඇති බැවින් ඔහුට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස, පසුගිය සැප්තැම්බර් 13 වැනිදා මෝසම් පත්‍ර ගොනු කරමින් පෙත්සම්කාර පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් හා එම්.ඒ.සුමන්තිරන් යන මහත්වරුන් අධිකරණයට දන්වා සිටිය හ.

එදින කරුණු සලකා බැලූ විනිසුරුවරුන් පෙත්සම්කම්කාර පාර්ශවයන්ට නියෝග කළේ,  අධිකරණය ලබාදුන් නියෝග අනුව කටයුතු කිරීම ආගමන විගමන පාලක ජනරාල්වරයා හිතාමතා නොසලකා හැර ඇති බව බැලූ බැල්මට අධිකරණයට පෙනී යන බැවින් අධිකරණයට අපහස කිරීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන ලෙසයි.

ඒ අනුව අද දින පෙත්සම් යළි කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශව විසින් ආගමන විගමන පාලක ජනරාල්වරයාට එරෙහිව  අධිකරණයට අපහස කිරීමේ චෝදනා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනු කළ අතර ඒ අවස්ථාවේ දී චෝදනා පත්‍රය ඔහුට විවෘත්ත අධිකරණය හමුවේ කියවා දීම සිදුකළේ ය.

පසුව රටේ ඉහළම අධිකරණය ලබා දුන් නියෝග නොසලකා හැරීම ඉතාම බරපතළ තත්ත්වයක් බවත්, නීතියේ ආධිපත්‍ය රැක ගැනීමේ විනිසුරුවරුන්ගේ වගකීමක් වන බවත්, අවධාරණය කළ විනිනසුරු මඩුල්ල ඔහු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේ ය.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් වනතුරු ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන බව විනිසුරු මඩුල්ල නියෝගය ලබා දෙමින් ප්‍රකාශ කළේ ය.

Releated News

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග…

Oct 22, 2025
බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
වාර්තාවක් නිසා සජිත් සහ කථානායක පැටලෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අතර අද (23) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා. ආරක්ෂක…

Sep 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *