ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියෝග කළේ ය.

ඒ , විද්‍යුත් වීසා ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමට රජය ගෙන තිබූ තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය අගෝස්තු දෙවැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගය  අනුව කටයුතු නොකිරීම හේතුවෙනි.  

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ හා අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් අද මෙම නියෝගය කළේ ය.

අධිකරණය විසින් පැවැති විද්‍යුත් වීසා ක්‍රමය බල රහිත කරමින් පැරණි වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය යටතේ වීසා නිකුත් කරන ලෙසට ආගමන විගමන පාලක ජනරාල්වරයාට අතුරු තහනම් නියෝග නිකුත් කර තිබිණි.

මාසයකට අධික කාලයක් ගත වී තිබුණ ද මේ දක්වා අධිකරණ නියෝග අනුව කටයුතු කිරීම ආගමන විගමන පාලක ජනරාල්වරයා චේතාන්විතව හිතාමතා පැහැර හැර ඇති බැවින් ඔහුට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස, පසුගිය සැප්තැම්බර් 13 වැනිදා මෝසම් පත්‍ර ගොනු කරමින් පෙත්සම්කාර පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් හා එම්.ඒ.සුමන්තිරන් යන මහත්වරුන් අධිකරණයට දන්වා සිටිය හ.

එදින කරුණු සලකා බැලූ විනිසුරුවරුන් පෙත්සම්කම්කාර පාර්ශවයන්ට නියෝග කළේ,  අධිකරණය ලබාදුන් නියෝග අනුව කටයුතු කිරීම ආගමන විගමන පාලක ජනරාල්වරයා හිතාමතා නොසලකා හැර ඇති බව බැලූ බැල්මට අධිකරණයට පෙනී යන බැවින් අධිකරණයට අපහස කිරීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන ලෙසයි.

ඒ අනුව අද දින පෙත්සම් යළි කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශව විසින් ආගමන විගමන පාලක ජනරාල්වරයාට එරෙහිව  අධිකරණයට අපහස කිරීමේ චෝදනා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනු කළ අතර ඒ අවස්ථාවේ දී චෝදනා පත්‍රය ඔහුට විවෘත්ත අධිකරණය හමුවේ කියවා දීම සිදුකළේ ය.

පසුව රටේ ඉහළම අධිකරණය ලබා දුන් නියෝග නොසලකා හැරීම ඉතාම බරපතළ තත්ත්වයක් බවත්, නීතියේ ආධිපත්‍ය රැක ගැනීමේ විනිසුරුවරුන්ගේ වගකීමක් වන බවත්, අවධාරණය කළ විනිනසුරු මඩුල්ල ඔහු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේ ය.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් වනතුරු ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන බව විනිසුරු මඩුල්ල නියෝගය ලබා දෙමින් ප්‍රකාශ කළේ ය.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect