Live 24

January 28, 2026
☁️Overcast, 29°C
January 28, 2026
☁️Overcast, 29°C
  • Home
  • Local
  • අරක්කු බෝතලයක් නිසා පොලිසියේ තුනකට අවුරුදු 7ක සිරදඬුවමක්
Image

අරක්කු බෝතලයක් නිසා පොලිසියේ තුනකට අවුරුදු 7ක සිරදඬුවමක්

පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ සැරයන්වරයෙකුට සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පොළොන්නරුව මහාධිකරණය මගින් වසර 7ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.

පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ හෝටල් කළමනාකරුවෙකුට අමානුෂික ලෙස පහරදී වධ හිංසා පමුණුවා මරණයට පත් කිරීමේ චෝදනාවට අදාළවයි.

2004 වසරේ ලෝක අමද්‍යප දිනයදා පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ එවකට හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ හෝටලයකට මත්පැන් බෝතලයක් ලබාගැනීම සඳහා පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදි හෝටලේ කළමනාකරු විසින් පොලිස් නිළධාරින්ට පවසා තිබුණේ අමද්‍යප දිනය හේතුවෙන් මත්පැන් ලබා නොදෙන බවයි.

එය පැවසිමත් සමඟ එයට උරණ වු පොලිස් නිළධාරින් කළමනාකරු බලහත්කාරයෙන් රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදී කෲර වධහිංසා පමුණුවා තිබු අතර ඔහු මරණයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගිය හර්මන් ක්වින්ටස් පෙරේරා නමැති හෝටල් කළමණාකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබුණේ ඔහුගේ ශරිරයේ බාහිර තුවාල 26ක් තිබූ බවත් ඉන් තුවාල 14ක් බරපතල තැලිම් තුවාල බවයි.

ඒ අනුව සාපරාධී මනුෂ්‍ය ඝාතන චෝදනාව යටතේ පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට අධිකරණයේ චෝදනා ගොනු කෙරුණා.

වසර 21 පුරා මහාධිකරණ විනිසුරුවන් 11 දෙනෙකු ඉදිරියේ වරින් වර විභාගයට ගැනුණු මෙම නඩුවේ තීන්දුව පොළොන්නරුව මහධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ සැරයන්වරයෙකුට සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට රුපියල් 15,000 බැගින් දඩ මුදල් සහ වසර 7 බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුණා.

කෙසේ නමුත් මෙම නඩු කටයුත්තේ පළමු විත්තිකරු වූ පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා නඩු විභාගය පැවැති කාලසීමාව අතරතුර මියගොස් තිබෙනවා.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *