Live 24

January 28, 2026
☀️Clear sky, 27°C
January 28, 2026
☀️Clear sky, 27°C
  • Home
  • Blog
  • “අපි කොහෙවත් ගියේ නැහැ.රමේෂ්
Image

“අපි කොහෙවත් ගියේ නැහැ.රමේෂ්

පසුගිය කාලසීමාවේ දේශපාලනික වශයෙන් අනුගමනය කළ නිහඬතාව බිඳ දමමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නැවත ශක්තිමත් ලෙස දේශපාලන කරළියට පිවිසෙන බව හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

‘සිලින්ඩරය’ සන්ධානයට එක්වූයේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, එය ස්වාධීන කණ්ඩායමක් ලෙස මැතිවරණ සමයේදී පමණක් ක්‍රියාත්මක වූවක් බවයි.

සිලින්ඩර පක්ෂයට සහයෝගය දැක්වූ බව පැවසූ රමේෂ් පතිරණ මහතා “එතන කාටවත් කියලා එන්න දෙයක් දැන් නැහැ. මොකද එතන දැන් කවුරුත් නැහැ” යනුවෙන් සඳහන් කළා.

එමෙන්ම නව රජය පත්වීමෙන් පසු ඔවුන්ගේ ගමන් මග නිරීක්ෂණය කරමින් තමන් නිහඬව සිටි බව ඔහු පවසනවා.

“අපි කොහෙවත් ගියේ නැහැ. මේක අපේ මහගෙදර. පසුගිය අවුරුද්දේ අපි නිහඬව හිටියේ අලුත් ආණ්ඩුව කොහෙද යන්නේ කියලා බලන් ඉන්නයි. හැබැයි දැන් වෙලා තියෙන්නේ ‘යන්නේ කොහෙද මල්ලේ පොල්’ වගේ වැඩක්. ඒ නිසා අපි දැන් අපේ දේශපාලන කටයුතු නැවත ආරම්භ කරනවා.”

පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලැබුණු දිස්ත්‍රික්කය ගාල්ල බව සිහිපත් කළ රමේෂ් පතිරණ මහතා, ඉතා ශක්තිමත් පදනමකින් තම පක්ෂය නැවත ගොඩනැගිය හැකි බවට විශ්වාසය පළ කළා.

Releated News

ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න’ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

‘පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න’ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රටට බලපා තිබෙන සුළි කුණාටුව සහ අධික…

Nov 28, 2025
දුනිත් වෙල්ලාලගේගේ පියා දිවියෙන් සමුගනී

ආසියානු කුසලානය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සිය පියා හදිසියේ…

Sep 19, 2025
ජොන්ස්ටන්ට පිටකොන්දේ ආබාධයක්;උසාවි එන්න බැහැ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයට පැමිණිය නොහැකි තරම් දැඩි පිට කොන්දේ වේදනාවකින් පෙළෙන බවට අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත්…

Jan 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *