Live 24

March 11, 2026
☀️Clear sky, 28°C
March 11, 2026
☀️Clear sky, 28°C
  • Home
  • News
  • අනිවාර්යෙන් පරික්ෂා කළ යුතු රතු ලේබල් බහාලුම් ඇතුළු බහාලුම් 323ක් පරික්ෂාවකින් තොරව රටට ඇතු​ළු කරලා – රේගු නිළධාරින්ගේ සංගමය ජනපති හමුවෙයි
Image

අනිවාර්යෙන් පරික්ෂා කළ යුතු රතු ලේබල් බහාලුම් ඇතුළු බහාලුම් 323ක් පරික්ෂාවකින් තොරව රටට ඇතු​ළු කරලා – රේගු නිළධාරින්ගේ සංගමය ජනපති හමුවෙයි

අනිවාර්යෙන් පරීක්ෂා කළ යුතු රතු ලේබලයෙන් යුතු බහාළුම් වැඩි ප්‍රමාණය​ක් ඇතුලත් බහාලුම් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරවක් වරායෙන් පිට කර ඇති බවට රේගු නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමයේ සභාපති අමිල සංජී​ව පෙන්වා දෙන්නේ එසේ පරීක්ෂාවකින් තොරව පිට කරන ලද බහුලුම් 323 අතරින් අති බහුතරයක් රතු ලේබලය යටතේ දැඩිව පරීක්ෂා කළ යුතු බහලූම් බවයි. එමෙන්ම අදාල බහාලුම් තොගය පසුගිය සෙනසුරාදා දිනයේ (18) වරායෙන් මුදාහැර තිබෙන​වා .

මෙසේ පරීක්ෂාවෙන් තොරව මුදා හැර ඇති බහුළුම් අතුරින් සියයට අසූවක් පමණම එතරම් දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු ඒවා වන බවද හෙතෙම කියා සිටී.

මෙවන් බහාලුම් මුදාහැරීමකට කිසිවෙකුට බලයක් නැති බවත් පැවසූ ඔහු පරීක්‍ෂාවකින් තොරව මේවා සමාජයට මුදා හැරීමට හරහා අවි ආයුධ, මත්ද්‍රව්‍ය, බාල ඖෂධ මෙන්ම ඕනෑ​ම නීති විරෝධී බහාලු​ම් තිබිය හැකි බවද කියා සිටී.

මේවා සම්බන්ධයෙන් අංගනවල කටයුතු කරන රේගු නිලධාරීන් වගකීම බාර නොගන්නා බවත් හෙතෙම මාධ්‍ය හමුවූ අමතමින් තවදුරටත් පැවසුවේය.

රේගු අධ්‍යක්ෂවරයාගේ අනුදැනුමක් සහිතව මෙම ක්‍රියාවන් සිදුව ඇතැයි පවසන ඔහු ඊට විරෝධය පාමින් අද දිනයේ තම රාජකාරි වලින් ඉවත් වී තිබේ.

මේ අතර අදාල සිදුවීමට විරෝධය පල කරමින් බහාලුම් අංගන වල සේවය කරන සියළු නිළධාරීන් සේවයෙන් ඉවත් වී ඇ​ති අතර, ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ජාවකින් පසු ඔහුගේ ඉල්ලීම මත නැවත සේවකයින් රාජකාරී සඳහා වර්තා කොට තිබුණා.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *