Live 24

Thursday
July 31, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Thursday
July 31, 2025
  • Home
  • Local
  • අද රාත්‍රී 10 සිට ඇඳිරිනීතිය පැනවෙයි
Image

අද රාත්‍රී 10 සිට ඇඳිරිනීතිය පැනවෙයි

අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ.

ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.

පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කර ලද අංක 2402/23 දරණ ගැසට් පත්‍රය මගින් 2024.09.21 වන අද දින රාත්‍රි 10.00 සිට 2024.09.22 වන දින උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම සහ දේශීය ජල තීරයට බල පැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කර ඇති බවය.

මේ වනවිට රට තුළ ඉතා සාමකාමී තත්ත්වයක් තිබුණ ද, මහජනතාවගේ වැඩිදුර ආරක්ෂාව සඳහා මෙම ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඇඳිරිනීති කාලසීමාව තුළ තම නිවෙස්වලට වී කාලය ගත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම කාලසීමාව තුළ ඡන්ද කටයුතු රාජකාරී යෙදී සිටින නිලධාරීන්ට අදාළව බලයලත් නිලධාරීන් විසින් නිකුත් කර තිබෙන හැඳුනුම්පත්, බලයලත් ලේඛන ඇඳිරිනීති බලපත්‍ර ලෙස භාවිත කළ හැකිය.

විදේශගත වීමේ අපේක්ෂාවෙන් ගුවන්තොටුපොළ වෙත ගමන් කරන සහ විදේශවල සිට පැමිණ ගුවන්තොටුපොලෙන් පිටවන සියලු දෙනාට ඔවුන්ගේ ගුවන් ටිකට් පත්‍රය හෝ ඒ බව තහවුරු කිරීම සඳහා තිබෙන ලේඛන ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකිය.

මීට අමතරව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ආයතනවල අදාළ සේවකයන් සඳහා ඔවුන්ගේ රාජකාරී හැඳුනුම්පත හෝ සුදුසු ලේඛනයක් භාවිත කළ හැකි අතර, එම ලේඛනය සහ අදාළ පුද්ගලයාගේ අන්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන පොලීසිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.

මෙම කාලසීමාව තුළ ඇඳිරිනීතිය ඉතා තදින් ක්‍රියාත්මක කිරීමට සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

එය උල්ලංගණය වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොකරන ලෙස සියලුම මහජනතාව වෙත ශ්‍රී ලංකා පොලීසිය අවධාරණය කර සිටියි.

Releated News

තිසකුට්ටි අධිකරණය හමුවේ කනගාටුව පළ කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා…

Jul 29, 2025
ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා තමන්ට…

Jul 29, 2025
නාමල් අත්අඩංගුවට ගන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් අද (28) වරෙන්තු නිකුත් කළා. ඒ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග…

Jul 28, 2025
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කරන පනතට කැබිනට් අනුමැතිය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන  රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට…

Jul 22, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *