Live 24

Wednesday
September 18, 2024
loader-image
temperature icon 28°C
broken clouds
Wednesday
September 18, 2024
  • Home
  • Blog
  • අදානි සමග ගිවිසුම්ගත වූ බංග්ලාදේශයේ විදුලිබල අර්බුදයක් ඇතිවීමේ අවධානමක..
Image

අදානි සමග ගිවිසුම්ගත වූ බංග්ලාදේශයේ විදුලිබල අර්බුදයක් ඇතිවීමේ අවධානමක..

විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින ඉන්දීය අදානි සමාගමට ගෙවිය යුතු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ගෙවීමේ ප්‍රමාදය නිසා බංග්ලාදේශයේ විදුලිබල  අර්බුදයක් ඇතිවීමේ අවධානමක් මතුව තිබේ.

මේ අතර ෆයිනෑන්ෂීයල් ටයිම්ස් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ අදාළ ඩොලර් මිලියන 500 ගෙවන ලෙස අදානි සමාගම බංග්ලාදේශයට තර්ජනය කරමින් ඇති බවයි.

01 -මොකක්ද මේ ඉන්දියානු- බංග්ලාදේශ බලශක්ති ප්‍රශ්නය?

මේ ප්‍රශ්නයට මුල අදානි සමාගම සමඟ අත්සන් තබනු ලැබූ මෙගාවොට් 1600ක ගල් අඟුරු විදුලිය සැපයීමේ ගිවිසුමක්.

මේ ගිවිසුම විනිවිද භාවයෙන් තොර, අධීක මිලට විදුලිය ලබාගන්නා ගිවිසුමක් බව නැගෙන චෝදනාවයි.

මේ වන විට බංග්ලාදේශය බලශක්තිය වෙනුවෙන් ඩොලර් බිලියන 3.7කට වැඩි ණයකින් පෙළෙනවා.

එයින් අදානි සමාගමට ණය වී ඇති ඩොලර් මිලියන 800කින් වහා  ගෙවිය  යුතු  ණය ඩොලර් මිලියන 492ක්.

දැන් අදානි සමාගම බංග්ලාදේශයට අදාළ ණය ගෙවන්නැයි බලපෑම් කරමින් සිටින බව ෆයිනෑන්ෂීයල් ටයිම්ස් ඇතුළූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

02- මේ ප්‍රශ්නය ආරම්භ වුණේ කොතැනින්ද?

මේ ප්‍රශ්නයේ මුල් අවස්ථාව නිර්මාණය වෙන්නේ 2000 මුල.

මූලික ගිවිසුම්වලදී  ක්ෂණික බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා කුඩා පරිමාණ බලශක්ති හුවමාරුව කෙරෙහි අවධානය යොමු කෙරිණි.

මුල්ම බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම 2017 නොවැම්බර් මාසයේදී Adani Power සහ බංග්ලාදේශ බලශක්ති සංවර්ධන මණ්ඩලය (BPDB) සමඟ එළැඹුණේ 25 වසරකටයි.

මෙම ගිවිසුමෙන් ඉන්දියාවේ ජාර්කාන්ද් හි අදානිගේ ගොඩා බලාගාරයෙන් මෙගාවොට් 1,496 ක විදුලිය බංග්ලාදේශයට සැපයීමට ගිවිසුම් ගතවුණා.

03- මේ ගිවිසුම පාඩුද?

ඔව්

ගිවිසුම පාඩුයි.

2023 වසරේදී , බංගලාදේශය, ඉන්දියාවේ වෙනත් විදුලි නිෂ්පාදකයින්ගෙන් විදුලි ඒකකයක් ටකා 7.83 බැගින් මිලදී ගනිද්දී අදානි ගේ විදුලිය මිලදී ගෙන තිබෙන්නේ ඒකකයක් ටකා 14.02ක මිලකටයි.

මේ නිසා අදානි සමඟ ඇතිකරගත් විදුලි ගිවිසුම දැන් බංග්ලාදේශයේ භාණ්ඩාගාරයට අධීක බරක්වී තිබෙනවා.

එය තවත් උග්‍ර කර ඇත්තේ පවතින තත්වය තුළ බංග්ලාදේශයේ මුදල් ඒකකයද අවප්‍රමාණය වීමත් සමඟයි.

04 – ඉතින් අර්බුධකාරී සහ පාඩු ලබන අදානි – බංග්ලාදේශ බලශක්ති හුවමාරු ගිවිසුම අවලංගු කළ නොහැකිද?

ඒක විවාදාත්මකයි.

ගිවිසුමේ වගන්ති පිළිබඳ පැහැදිලිතාවක් නැති බව එරට හිටපු බලශක්ති උපදේශකවරන් කිහිප දෙනෙකුම පෙන්වා දී තිබුණා.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විශ්වාස කරන්නේ 2010 කඩිනම් විදුලිබල හා බලශක්ති සැපයුම් විශේෂ පනත යටතේ සකස් කර අත්සන් කළ මෙම අවාසිදායක ගිවිසුම නැවත සාකච්ඡා කිරීමට දැන් අවස්ථාවක් උදාවීඇති බවයි.

ගනුදෙනුව නිසි ලෙස සමාලෝචනය කර සංශෝධනය කිරීමෙන්, පිරිවැය අවම වශයෙන් 50% කින් කපා හැරිය හැකි බවට එරට විද්වතුන් යෝජනා කරනවා.

Releated News

නිවසක් කොල්ලකෑ පොලීසියේ 4ක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු මෝදර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ 15 ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී නිවැසියන් බියගන්වා රුපියල්…

Sep 18, 2024
ICONIC AWARD 2024 සම්මාන උළලේ වසරේ නැගී එන හොදම දේශපාලනඥයා පා.ම. වසන්ත යාපා බණ්ඩාර

2024 ICONIC AWARD සම්මාන උළලේ වසරේ නැගී එන ජනප්‍රියතම දේශපාලනඥයාට හිමි සම්මානය පා.ම. නීතීඥ වසන්ත යාපා බණ්ඩාර මහතාට…

Aug 22, 2024
2024 සම්මාන උළලේ පා.ම. තිස්ස අත්තනායක ජන පෞර වැඩසටහන ICONIC AWARD සම්මාන උළලේ ඇගයීමට

2024 ICONIC AWARD ශ්‍රී ලංකා සම්මාන උළලේ පා.ම. තිස්ස අත්තනායක මහතාගේ ජන පවුර වැඩසටහන ICONIC AWARD සම්මාන උළලේ…

Aug 22, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *