Live 24

February 14, 2026
☁️Overcast, 27°C
February 14, 2026
☁️Overcast, 27°C
  • Home
  • News
  • හාර කෝටියකට අධික දේපළ තහනම් කරලා
Image

හාර කෝටියකට අධික දේපළ තහනම් කරලා

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක සහ ඇගේ හිතවතුන් මත්  ජාවාරමෙන් ඉපැයූ මුදල්වලින් මිලදී ගත් බවට සැකකරන රුපියල් හාර කෝටියකට අධික  වටිනාකමින් දේපළ මුදල් විශුද්ධ කරන පනත අනුව තහනමට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

පොලීසිය පවසන්නේ, මෙම දේපොළවට හිමිකම් කියන හික්කඩුවේ නාලගස්දෙණියේ පදිංචි සැකකාර කාන්තාව මේ වනවිට හොරයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන්  රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

එම සැකකාරිය සහ සමීපතමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් නිවාස ඉඩම් සහ යානවාහන මිලදීගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.

ඒ අනුව සුදු වැල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 240 ක් වටිනා දෙමහල් නිවස එම ඉඩමට යාබද පර්චස් 12.72 ඉඩම, කළුපේ ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 40 ක් වටිනා පර්චස් 20 ක ඉඩම , එම ප්‍රදේශයේම පිහිටි රුපියල් ලක්ෂ 10 ක් වටිනා නිවස සහිත පර්චස් 05 ක ඉඩම රත්ගම  පිහිටි රුපියල් ලක්ෂ 20 ක් වටිනා නිවස සහිත පර්චස් 10 ක ඉඩමද කළුපේ ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 20 ක් වටිනා නිවස සහිත හෙක්ටයාර් 0.0373 ඉඩම මෙන්ම රුපියල් ලක්ෂ එකසිය 120 ක් වටිනා සුඛෝභෝගී මෝටර් රථයක් සහ රුපියල් ලක්ෂ 16 ක් වටිනා තීරෝද රථයක් තහනම් කළ දේපෙළවලට අයත් වනවා.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *