හර්ෂ නොසිටින්න විපක්ෂයක් නොමැති බවත් ඉදිරියේදී හර්ෂ ද සිල්වා විපක්ෂ නායක වීමේ හැකියාවක්ද පවතින බවත්, වෙළෙඳ, වාණිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, අද (20) පැවති මුදල් අමාත්‍යංශ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය අතරතුරයි.
ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ,
“අවුරුදු දහයක පරණ ඒවා පමණක් නොව අවුරුදු 15ක් පරණ පරීක්ෂණ පවා සිදුවෙනවා.අපට තාම මාස පහයි.සමහරු ඉතිහාසය අමතක කර යන්න හදනවා. හැබැයි ඉතිහාසය අමතක කරන්න බැහැ. චූදිතයන්ට දඬුවම් ලැබිය යුතුමයි. මේ ගනුදෙනු ටික බේරගන්න ඕන.”