Live 24

Sunday
April 27, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
April 27, 2025
  • Home
  • Local
  • සෝලා විදුලි ඒකකයට ගෙවන මුදල අඩුකිරීමේ යෝජනාව කැබිනට්ටුවට
Image

සෝලා විදුලි ඒකකයට ගෙවන මුදල අඩුකිරීමේ යෝජනාව කැබිනට්ටුවට

පියැසි මත සවිකරන සෝලා සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ, විදුලි බල මණ්ඩලයේ නිර්දේශවලට අනුව අදාළ සංශෝධනයන් සිදුකිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව ඉදිරියේ දී පියැසි මත සවිකරනු ලබන සෝලා සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මිල ගණන් සංශෝධනය කර ඇති අතර උත්පාදනය කරනු ලබන විදුලි ඒකක ප්‍රමාණයට අනුව එම මිල ගණන් වෙනස් කිරීමට යෝජනා කර තිබෙනවා.

මේ වන විට විදුලි ඒකකයක් සඳහා රුපියල් 27ක මුදලක් ගෙවනු ලබන අතර නව සංශෝධනයත් සමග එය රුපියල් 19 දක්වා අඩු කිරීමට නියමිතයි.

කිලෝවොට් 20ට අඩු උත්පාදනය කරන සෝලා පද්ධති සඳහා ඒකකයකට රුපියල් 19ක ගෙවීම සිදුකරන අතර කිලෝවොට් 20ත් 100ත් අතර විදුලි උත්පාදන පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 17ක මුදලක් ද කිලෝවොට් 100ත් 500ත් අතර පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 15ක මුදලක් ද ගෙවීමට යෝජනා කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම මිල සංශෝධනයන් දැනට ස්ථාපිත කර ඇති සෝලා පද්ධති සඳහා අදාළ නොවන අතර නව සෝලා පද්ධති ස්ථාපිත කිරීමේ දී පමණක් මෙම සංශෝධනයන් සිදුකිරීමට නියමිතයි.

Releated News

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
කාදිනල් හිමි වතිකානයට පිටත් වෙයි

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ,  ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ…

Apr 23, 2025
මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්

කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි…

Apr 22, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *