Live 24

January 23, 2026
☀️Clear sky, 26°C
January 23, 2026
☀️Clear sky, 26°C
  • Home
  • Local
  • සැප්තැම්බර් 21න් පසු ප්‍රධාන මැති ඇමතිවරු 80ක් රට හැර යාමට සියල්ල සූදානම් කර අවසන් 
Image

සැප්තැම්බර් 21න් පසු ප්‍රධාන මැති ඇමතිවරු 80ක් රට හැර යාමට සියල්ල සූදානම් කර අවසන් 

සැප්තැම්බර් 21 වැනිදායින් පසු ප්‍රධාන මැති ඇමතිවරුන් 80 දෙනෙකු පමණ රට හැර යාමට සුදානම් වන බවට වාර්තා පළ වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් පවසනවා. ඔහු පවසන්නේ එලෙස මැති ඇමතිවරු රට හැර යන්නේ ඔවුන්ට රනිල් වික්‍රමසිංහ සමඟ ඉදිරියට යා නොහැකි බව අවබෝධ වී ඇති නිසා බවයි.

“මුලදී ඔය ඇමැතිවරු හිටියේ රනිල් වික්‍රමසිංහගේ වේදිකාවේ… දැන් කවුද ඉන්නේ.. ඉස්සර මාධ්‍ය ප්‍රකාශකයෝ වගේ හිටපු අය හිටියා.. දැන් කවුරුත් නැහැ.. ඒ හැමෝම රනිල් වික්‍රමසිංහගේ ඇත්ත ස්වභාවය තේරුම් අරන්.. අපිට තියෙන තොරතුරු අනුව ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අහිමි වීම ගැන බොහෝ පසුතැවිලි වෙනවා. ඔවුන්ට අද රනිල් වික්‍රමසිංහ සමඟ ඉදිරියට යා නොහැකි බව අවබෝධ වී තිබෙනවා.

මෙම පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙකු දැනටමත් වීසා ලබාගෙන ඇති අතර ඔවුන් රට හැර යාමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළා.

“ඔවුන්ගෙන් 80ක් පමණ දැනටමත් වීසා ලබාගෙන. ඔවුන්ට දැන් තේරෙනවා රනිල් වික්‍රමසිංහ තමන්ගේ ආරක්ෂකයා නොවන බව. රනිල් වික්‍රමසිංහ ඔවුන්ව යොදාගෙන කරේ උඩට නැගලා අනුර කුමාරගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව ඔවුන්ට පැහැදිලියි,” රහ්මාන් වැඩිදුරටත් පැවසීය.

මෙම හෙළිදරව්ව සිදුවන්නේ සැප්තැම්බර් 21 වැනිදා එළැඹෙන ජනාධිපතිවරණයත් සමඟ ශ්‍රී ලංකාව සැලකිය යුතු දේශපාලන වෙනස්කම්වලට එළඹෙමින් සිටින තීරණාත්මක අවස්ථාවකදීය.

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026
1 Comments Text
  • streameast says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Thank you for the good writeup It in fact was a amusement account it Look advanced to far added agreeable from you However how could we communicate
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *