Live 24

Saturday
December 21, 2024
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
December 21, 2024
  • Home
  • News
  • සාමාන්‍ය පෙළ ගණිතය විෂය අසමත් වීම නිසා අනාගතය අඳුරු වන්නට ගොස් තවත් පාසලකින් ලැබුණු අවස්ථාවෙන් උසස් පෙළ විභාගයේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රථමයා වන්නට වාසනාව හිමිවූ තිළිණ ධනංජය
Image

සාමාන්‍ය පෙළ ගණිතය විෂය අසමත් වීම නිසා අනාගතය අඳුරු වන්නට ගොස් තවත් පාසලකින් ලැබුණු අවස්ථාවෙන් උසස් පෙළ විභාගයේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රථමයා වන්නට වාසනාව හිමිවූ තිළිණ ධනංජය

සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය අසමත් වීම නිසා අනාගතය අඳුරු වන්නට ගොස් තවත් පාසලකින් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන මෙවර උසස් පෙළ විභාගයේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රථමයා වන්නට වාසනාව හිමිවූ තිළිණ ධනංජය ගැනයි මේ පුවත.

මෙරට පවතින අධ්‍යාපන ක්‍රමය තුළ සිසුවෙකුට හෝ සිසුවියකට උසස් පෙළ අධ්‍යාපනයේ විෂය ධාරාව තෝරාගැනීමට සිදුවන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ ඇතැම් විෂයන් අනිවාර්යයෙන් සමත් වුවහොත් පමණි.

ඒ, රීතිය හමුවේ, ප්‍රතික්ෂේප වීම් මත අනාගතය වෙනස් වන්නට ගොස්, ලැබුණු එක් අවස්ථාවක් නිසා ජීවිතය එළිය කරගත් සිසුවෙකි ඩී. එම්. තිළිණ ධනංජය.

මේ සිසුවා මොනරාගල යුදගනාව විද්‍යාලයෙන් අධ්‍යාපන හදාරා 2020 දී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට තිබුණි.

කෙසේවෙතත්, එහි ප්‍රතිඵල මත උසස් පෙළ අධ්‍යාපනය සඳහා ඔහුට බොහෝ පාසල්වලින් දොර විවර නොවීය.

ඒ අනුව බුත්තල, පැල්වත්ත මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. එම්. නන්දසේන මහතා ලබා දෙන අවස්ථාවෙන්, තමන් ප්‍රිය කරන ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව ඔස්සේ උසස් පෙළ හදාරන්නට තිළිණට වරම් හිමිවුණි.

බොහෝ දුෂ්කරතා මැද උනන්දුවෙන් අධ්‍යාපනය හදාරන තිළිණ පසුගියදා නිකුත් වූ 2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජෛව තාක්ෂණ පද්ධති විෂය ධාරාවේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය හිමි කරගැනීමට සමත් වුණි.

Releated News

අනුර පිළිගන්න චීනයත් සූදානමින්

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබා දීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම පිළිබඳව චීන…

Dec 19, 2024
මම මන්ත්‍රී ධූරයෙන් ඉවත්වෙන්න සූදානම් – නාමල්

තමන් නීති විභාගයට මුහුණ දුන් ආකාරය පිළිබඳව පැමිණිල්ලක් තිබේනම් ඒ සම්බන්ධව විභාගයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ…

Dec 18, 2024
කෙහෙළියගේ බැංකු ගිණුම් 02ක් අත්හිටුවයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ජංගම සහ ස්ථාවර තැන්පතු ගිණුම් 2ක් සතියක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා. ඒ අල්ලස්…

Dec 18, 2024
උපයනවිට ගෙවන බද්ද (PAYE Tax) සංශෝධනය කෙරේ – බද්ද වෙනස් වන්නේ මෙහෙමයි 

උපයනවිට ගෙවන බද්ද (PAYE Tax) සංශෝධනය සඳහා පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී…

Dec 18, 2024
වාහන ආනයනය පෙබරවාරියේ සිට – ක්‍රමවේදය ගැ​න ජනපතිගෙන් දැනුම් දීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වාහන ආනයනය සම්බන්ධයෙන් අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ සිදු කළා. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ,…

Dec 18, 2024
මතක තියාගන්න 2028දී තියෙන්නෙත් අපේ ආණ්ඩුව – ජනපති

2028 වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය වන බව ජනාධිපති අනුර…

Dec 18, 2024
සජිත් ප්‍රේමදා​ස අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදා​ස මහතා සිය අධ්‍යාපන සුදුසුකම් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා. විපක්ෂ නායකවරයා සඳහන්…

Dec 18, 2024
ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තු හිටපු මැති ඇමතිලා සෙට් එක මෙන්න

2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (17)…

Dec 17, 2024
සුජීව සේනසිංහ මහතා මන්ත්‍රී වරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම

සුජීව සේනසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වශයෙන් අද දිවුරුම් දුන්නේය.සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී…

Dec 17, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *