Live 24

January 23, 2026
☀️Clear sky, 26°C
January 23, 2026
☀️Clear sky, 26°C
  • Home
  • News
  • ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවයි!
Image

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවයි!

මෙරට ජාතික ආරක්ෂාවට අදාළ ගැටලුවකදී රජයේ ආයතනවලට දත්ත හෝ සන්නිවේදන තොරතුරු ලබා ගැනීමේ අයිතිය සහතික කරන තෙක්, ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම නවතා ඇති බව වාර්තා වේ.

2024 වසරේදී ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ස්පේස්එක්ස් වෙත චන්ද්‍රිකා තාක්ෂණය හරහා ක්‍රියාත්මක කෙරෙන “ස්ටාර්ලින්ක්” අන්තර්ජාල සේවාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කර තිබුණි.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නව විදුලි සංදේශ පනතක්ද සම්මත කරනු ලැබූ අතර එහිදී වසර 28කට පසු පළමු වරට එම නීතියේ සංශෝධනයක්ද සිදු කරනු ලැබීය.

ඒ අනුව, ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව මෙරට ස්ථාපිත කිරීම සඳහා මඟ පෑදිම සිදු වූ අතර ඊලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව මෙරට මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරනු ලැබූයේ 2024 මාර්තු මාසයේදීය.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ අන්තර්ජාල සේවා ගාස්තු සැලසුම් සඳහා අනුමැතිය ලබා දී තිබුණි.

ඒ, අවමය මාසිකව රුපියල් 9,200 සිට උපරිමය රුපියල් ලක්ෂ 18 දක්වා වන පැකේජ 05කටයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍යය වෙ​ත අදහස් දක්වමින් තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසා ඇත්තේ, නීතිමය අවශ්‍යතාවයක් ඇති වුවහොත් දත්ත සහ සන්නිවේදන තොරතුරු ලබා ගැනීමේ අයිතිය තහවුරු කරන තෙක් Starlink මෙහෙයුම් මෙරට තුළ ක්‍රියාත්මක නොවනු ඇති බවයි.

ඇතැම් පුද්ගලයින් විසින් නීති විරෝධී ක්‍රියාවන් සඳහා Starlink අන්තර්ජාල සේවා භාවිතා කරන අවස්ථා තිබිය හැකි බවත් එවැනි අවස්ථාවලදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අදාළ දත්ත ලබා ගැනීමේ අයිතිය ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත තිබිය යුතු බවත් ඔහු පෙන්වා දී ඇත.

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026
2 Comments Text
  • temp mail free says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Normally I do not read article on blogs however I would like to say that this writeup very forced me to try and do so Your writing style has been amazed me Thanks quite great post
  • zoritoler imol says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I got what you mean ,saved to favorites, very decent web site.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *