Live 24

Saturday
April 26, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
April 26, 2025
  • Home
  • News
  • ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවයි!
Image

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවයි!

මෙරට ජාතික ආරක්ෂාවට අදාළ ගැටලුවකදී රජයේ ආයතනවලට දත්ත හෝ සන්නිවේදන තොරතුරු ලබා ගැනීමේ අයිතිය සහතික කරන තෙක්, ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම නවතා ඇති බව වාර්තා වේ.

2024 වසරේදී ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ස්පේස්එක්ස් වෙත චන්ද්‍රිකා තාක්ෂණය හරහා ක්‍රියාත්මක කෙරෙන “ස්ටාර්ලින්ක්” අන්තර්ජාල සේවාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කර තිබුණි.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නව විදුලි සංදේශ පනතක්ද සම්මත කරනු ලැබූ අතර එහිදී වසර 28කට පසු පළමු වරට එම නීතියේ සංශෝධනයක්ද සිදු කරනු ලැබීය.

ඒ අනුව, ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව මෙරට ස්ථාපිත කිරීම සඳහා මඟ පෑදිම සිදු වූ අතර ඊලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව මෙරට මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරනු ලැබූයේ 2024 මාර්තු මාසයේදීය.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ අන්තර්ජාල සේවා ගාස්තු සැලසුම් සඳහා අනුමැතිය ලබා දී තිබුණි.

ඒ, අවමය මාසිකව රුපියල් 9,200 සිට උපරිමය රුපියල් ලක්ෂ 18 දක්වා වන පැකේජ 05කටයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍යය වෙ​ත අදහස් දක්වමින් තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසා ඇත්තේ, නීතිමය අවශ්‍යතාවයක් ඇති වුවහොත් දත්ත සහ සන්නිවේදන තොරතුරු ලබා ගැනීමේ අයිතිය තහවුරු කරන තෙක් Starlink මෙහෙයුම් මෙරට තුළ ක්‍රියාත්මක නොවනු ඇති බවයි.

ඇතැම් පුද්ගලයින් විසින් නීති විරෝධී ක්‍රියාවන් සඳහා Starlink අන්තර්ජාල සේවා භාවිතා කරන අවස්ථා තිබිය හැකි බවත් එවැනි අවස්ථාවලදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අදාළ දත්ත ලබා ගැනීමේ අයිතිය ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත තිබිය යුතු බවත් ඔහු පෙන්වා දී ඇත.

Releated News

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
කාදිනල් හිමි වතිකානයට පිටත් වෙයි

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ,  ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ…

Apr 23, 2025
මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්

කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි…

Apr 22, 2025
1 Comments Text
  • temp mail free says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Normally I do not read article on blogs however I would like to say that this writeup very forced me to try and do so Your writing style has been amazed me Thanks quite great post
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *