Live 24

Sunday
June 22, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
June 22, 2025
  • Home
  • News
  • සජිත් ප්‍රේමදා​ස අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි!
Image

සජිත් ප්‍රේමදා​ස අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදා​ස මහතා සිය අධ්‍යාපන සුදුසුකම් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.

විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඊයේ (17) නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා මතු කළ කාරණාවක් ඉලක්ක කරගනිමින් මෙම ඉදිරිපත් කිරීම සිදු කරන බවයි.

තමා මෙරට සාමාන්‍ය පෙළ විභායට පෙනී නොසිටි බවත් තමා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේ එංගලන්තයේදී බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැහැදිලි කළා.

තමා සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ බව ව්‍යාජ පුවතක් බවත් එය සමාජ ගත කිරීම සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බවත් ඔහු තවදුරටත් සඳහන් කළා.

මම ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය පෙර පාසල් අධ්‍යාපනය ලැබුවාප්‍රාථමික අධ්‍යාපනය ශාන්ත තෝමස් විද්‍යාලයෙනුත්, ද්විතීයික අධ්‍යාපනය රාජකීය විද්‍යාලයෙනු ලබා ගත්තාමම මේ රටේ සාමාන්‍ය පෙළ විභාගය කළේ නැහැ, මම ඉදිරිපත් කරන්න කැමති පාසලේ ප්‍රගති වාර්තාව. කාලයක් කණිෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් විදියට මෙන්ම 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටියා ඒ සහතිකත් මම ඉදිරිපත් කර තිබෙනවා.අනතුරුව මම එංගලන්තයේ මිල්හෙල් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. 83/84 කාල වකවානුවේ මම The Oxford and Cambridge Schools Examination Board යටතේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින් A2 B2 C 3 වශයෙන් ප්‍රතිඵල ලබා ගෙන සමත් වුණා.

යනුවෙන් ඔහු සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

Releated News

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ සහ දියණියව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට…

Jun 18, 2025
කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය…

Jun 16, 2025
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන…

Jun 14, 2025
සෞඛ්‍ය සේවාවේ ප්‍රශ්නවලට උත්තර සපයන්න බැරුව නලින්ද නැවත නැවත වැඩ තහනම් ලිපියක් එළියට දමමින් තර්ජනය…

*වැඩ තහනම් කරලා කටවල් වැසීම පරණ ක්‍රමයක්. මේ වැඩ තහනම් කරපු ලිපිය නිකුත් කරලා තියෙන විදිහ වැරදියි. මෙය…

Jun 9, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *