Live 24

Thursday
July 10, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Thursday
July 10, 2025
  • Home
  • Local
  • ශානිට ලොකු තනතුරක්
Image

ශානිට ලොකු තනතුරක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.

මීට පෙර කොන්ත්‍රාත් පදනම මත පොලිස් සේවයට යළි බඳවා ගත් ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ක්‍රියා කළා.

මේ අතර මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ නියෝජ්‍ය පොලිස්පති පී.අම්පාවිල මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටි අතර, ඔහු යළිත් පොලිස් සේවයට කොන්ත්‍රාත් පදනම මත කැඳවා තිබෙනවා.

මේ අනුව, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා.

Releated News

Breaking: එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා…

Jul 4, 2025
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එළැඹෙන ජූලි…

Jun 28, 2025
රාජිතවත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ (27)…

Jun 28, 2025
කෙහෙළිය පවුලටම අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම…

Jun 26, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *