Live 24

Sunday
March 23, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
March 23, 2025
Image

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල බැටරි විදුලි ව්‍යාපෘතිය ආරම්භ වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල  ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ.

මෙගාවොට් 600ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය සූර්ය හා සුළං බලයෙන් ජනනය වන බලශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ වන විට නැවත විදුලි බල පද්ධතියට සපයනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය පැවසුවේ මෙම ව්‍යාපෘතිය 2030 වන විට විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමේ මෙරට ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉතා වැදගත් වන බවය.

මෙම ව්‍යාපෘතිය අරණායක සහ නාවලපිටිය ප්‍රදේශවල පිහිටුවන ජලාශ දෙකක් කිලෝමීටර් 2.5ක උමං මාර්ගයකින් සම්බන්ධ කර ක්‍රියාත්මක වන මහා පරිමාණ බලශක්ති ගබඩා කිරීමේ පද්ධතියක් වන අතර එමගින් මෙරට පුර්ජනනීය බලශක්තිය කරා යන ගමනේදී පොසිල ඉන්ධන මත යැපීම අඩු කර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අවම කිරීමේ ඉලක්කය සපුරන බවද විදුලි බල මණ්ඩලය පවසයි.

එමෙන්ම මෑතකදි පැවැති රැස්වීමකදී ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් වෙත ව්‍යාපෘතියේ මූල්‍ය මාර්ග සිතියම නිල වශයෙන් හඳුන්වා දීමට ද එම මණ්ඩලය පියවර ගෙන තිබේ.

විදුලි බල මණ්ඩලය පැවසුවේ පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලක් සහතික කරමින් විදුලි ගාස්තු සඳහා වන බලපෑම් අවම කිරීම සඳහා ජාත්‍යන්තර ආයතනවලින් දිගුකාලීන අරමුදල් ලබා ගැනීම මෙහි අරමුණ බවය.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් බලශක්ති ස්වාධීනත්වය, පුනර්ජනනීය බලශක්ති අවශෝෂණය කර ගැනීම සඳහා පද්ධති සහාය, ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ පාරසරික තිරසරභාවය නියෝජනය වනු ඇති බවත් එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.

Releated News

හර්ෂ නැත්තම් විපක්ෂයකුත් නැහැ – වසන්ත සමරසිංහ

හර්ෂ නොසිටින්න විපක්ෂයක් නොමැති බවත් ඉදිරියේදී හර්ෂ ද සිල්වා විපක්ෂ නායක වීමේ හැකියාවක්ද පවතින බවත්, වෙළෙඳ, වාණිජ ,ආහාර…

Mar 20, 2025
ආනයනික වාහන ලබන සතියේ සිට වෙළඳපොළට

ලබන සතියේ සිට ආනයනික වාහන මෙරට වෙළදපොළට නිකුත් කළ හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති…

Mar 20, 2025
Breaking: දේශබන්දු යළි රිමාන්ඩ්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔහු අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට…

Mar 20, 2025
වට්ස්ඇප් ස්ටිකර් භාවිත කරන අයට සුබ ආරංචියක්

මෙටා සමාගම විසින් වට්ස්ඇප් යෙදවුම සඳහා නවමතම යාවත්කාලීන කිරීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව දෙන ලද අවස්ථාවක ගනු…

Mar 19, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *