Live 24

February 26, 2026
Partly cloudy, 27°C
February 26, 2026
Partly cloudy, 27°C
Image

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද (09) පර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම පෙබරවාරි මස 17 වන දින සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරී මස 18 සිට පෙබරවාරි මස 25 වන දින දක්වා පැවැත්වෙන අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ද 25 වන දින පස්වරුවේ සිදුවනු ඇති.

පෙබරවාරි මස 27 සිට මාර්තු මස 21 වන දින දක්වා කාලය තුළ කාරක සභා අවස්ථාව විවාදය හෙවත් අයවැය තෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි. 

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු මස 21 වන දින පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

Releated News

ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් මෙරටට..

ගෑස් මෙට්‍රික් ටොන් 3900 ක් රැගත් නෞකාවක් අද දිනයේ මෙරටට ළඟා වන බව ලිටෝ සමාගම පවසයි. එහි සභාපති…

Feb 25, 2026
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ CID අත්අඩංගුවට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට අදාළ සැකකරුවෙකු ලෙස හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ්…

Feb 25, 2026
ඇවන්ගාඩ් සමාගමේ පෙත්සම් ඉවතට

ඇවන්ගාඩ් සමාගම විසින් පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කරගන්නා ලෙස ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින්…

Feb 25, 2026
ඩයස්පෝරාවේ දැඩි විරෝධය මත නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union)…

Feb 20, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *