Live 24

Sunday
June 1, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
June 1, 2025
Image

විභාග දෙපාර්තමේන්තුව අසල උණුසුම්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් විරෝධතාවයක නිරත වේ.

ඔවුන් ඉල්ලීම් කරන්නේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙසය.

ඒ අනුව විරෝධතාවයේ නියැලුණ දෙමාපියන්ගෙන් කිහිපදෙනෙකුට විභාග දෙපාර්තමේන්තුව තුළට ගොස් ලිපියක් භාරදීමට අවස්ථාව හිමිවුණි. 

මේ වනවිටත් දෙමාපියන් විරෝධතාවයේ නියැලෙන අතර, පොලීසිය සහ කැරලි මර්දන ඒකකය එම ස්ථානයට ගෙන්වා ඇතැයි අප වාර්තාකරු පැවසීය.

“අද දෙරණ” කළ විමසීමක දී එම ස්ථානයට පැමිණ සිටි දෙමාපියන් සඳහන් කර සිටියේ විභාග කොමසාරිස්වරයා මෙම ප්‍රශ්නය සැහැල්ලුවට ගෙන ඇති බවත්, ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්ය.

මීට සමගාමීව අද ප්‍රදේශ කිහිපයකින් විරෝධතා වාර්තා වුණි.

2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය ඉරිදා පැවති අතර ඊට අපේක්ෂකයන් 323,879ක් පෙනී සිටියහ.

කෙසේවෙතත් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර ප්‍රසිද්ධ කර තිබූ බවට චෝදනා එල්ල වුණි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව කඩිනම් විමර්ශනයක් සිදුකළේ ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව රැසකින් පැමිණිලි ඉදිරිපත් වූ පසුබිමකය.

ඒ අනුව ප්‍රශ්න පත්‍රය සකස් කළ විද්වත් මඩුල්ලේද එකඟත්වය ඇතිව අදාළ ප්‍රශ්න 03 ඉවත් කර අවසන් ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව ඊයේ තීරණය කළේය.

Releated News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය…

May 30, 2025
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් අභාවප්‍රාප්ත වෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ…

May 30, 2025
පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අපවත් වෙයි

අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අද (29) දහවල් අපවත් වුණා.…

May 29, 2025
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට…

May 29, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *