Live 24

Monday
May 19, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
May 19, 2025
  • Home
  • Local
  • විනිසුරු නිශ්ශංක බන්දුල විශ්‍රාම පූර්ව නිවාඩු යයි
Image

විනිසුරු නිශ්ශංක බන්දුල විශ්‍රාම පූර්ව නිවාඩු යයි

ලබන ජූනි මාසයේදී විශ්‍රාම ලැබීමට නියමිත අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, මෙම මස අවසානයේ සිට විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගනු ඇතැයි වාර්තා වෙනවා.

ඊට අදාළ ලිපි ලේඛන ඔහු විසින් මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර ඇති බවද සඳහන්. මේ සමඟම, රජය විසින් ඔහුට එරෙහිව ගෙන ඒමට සූදානම්ව තිබූ දෝෂාභියෝග සැලැස්ම අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව, විනිසුරු කරුණාරත්න මහතා පෙබරවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි අභියාචනාධිකරණ රාජකාරිවලින් ඉවත් වීමට නියමිතයි.

කෙසේවෙතත්, ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්නොවන අතර ජූනි මාසය දක්වා විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගෙන ඉන්පසු විශ්‍රාම ලබා ගනු ඇති.

 වසර 37ක සේවා කාලයක් සපුරා ඇති විනිසුරු බන්ධුල කරුණාරත්න, නියමිත පරිදි විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණේ මේ වසරේ ජුනි 16 දායි.

මේ අතර, පෙබරවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි රාජකාරිවලින් ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව විනිසුරු කරුණාරත්න මහතා, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට දැනටමත් දැනුම් දී ඇති බවද වාර්තා වෙනවා.

ඒ අනුව, විනිසුරු කරුණාරත්න මහතා විශ්‍රාම යන තෙක් වැඩ බලන තනතුරක් සඳහා තවත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු පත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා.

විනිසුරු කරුණාරත්නගෙන් පසු අභියාචනාධිකරණයෙහි ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන්නේ විනිසුරු මොහොමඩ් ලෆාර් වන අතර ජනාධිපතිවරයා  ඔහුගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ තිබුනේ නැහැ.

 ඔහු ජුනි 18 වන දින වයස අවුරුදු 63 සම්පූර්ණ කිරීමෙන් පසු විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.

මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම අභියාචනාධිකරණ  විනිසුරුවරුන් වන්නේ උදය කරලියද්දේ, රත්නප්‍රිය ගුරුසිංහ සහ ධම්මික ගනේපොල යන අයයි.

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *