විනිසුරු නිශ්ශංක බන්දුල විශ්‍රාම පූර්ව නිවාඩු යයි

ලබන ජූනි මාසයේදී විශ්‍රාම ලැබීමට නියමිත අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, මෙම මස අවසානයේ සිට විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගනු ඇතැයි වාර්තා වෙනවා.

ඊට අදාළ ලිපි ලේඛන ඔහු විසින් මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර ඇති බවද සඳහන්. මේ සමඟම, රජය විසින් ඔහුට එරෙහිව ගෙන ඒමට සූදානම්ව තිබූ දෝෂාභියෝග සැලැස්ම අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව, විනිසුරු කරුණාරත්න මහතා පෙබරවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි අභියාචනාධිකරණ රාජකාරිවලින් ඉවත් වීමට නියමිතයි.

කෙසේවෙතත්, ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්නොවන අතර ජූනි මාසය දක්වා විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගෙන ඉන්පසු විශ්‍රාම ලබා ගනු ඇති.

 වසර 37ක සේවා කාලයක් සපුරා ඇති විනිසුරු බන්ධුල කරුණාරත්න, නියමිත පරිදි විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණේ මේ වසරේ ජුනි 16 දායි.

මේ අතර, පෙබරවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි රාජකාරිවලින් ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව විනිසුරු කරුණාරත්න මහතා, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට දැනටමත් දැනුම් දී ඇති බවද වාර්තා වෙනවා.

ඒ අනුව, විනිසුරු කරුණාරත්න මහතා විශ්‍රාම යන තෙක් වැඩ බලන තනතුරක් සඳහා තවත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු පත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා.

විනිසුරු කරුණාරත්නගෙන් පසු අභියාචනාධිකරණයෙහි ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන්නේ විනිසුරු මොහොමඩ් ලෆාර් වන අතර ජනාධිපතිවරයා  ඔහුගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ තිබුනේ නැහැ.

 ඔහු ජුනි 18 වන දින වයස අවුරුදු 63 සම්පූර්ණ කිරීමෙන් පසු විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.

මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම අභියාචනාධිකරණ  විනිසුරුවරුන් වන්නේ උදය කරලියද්දේ, රත්නප්‍රිය ගුරුසිංහ සහ ධම්මික ගනේපොල යන අයයි.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect